Saturday, March 9, 2019

හෙට දවසේ අප දෙදෙනා


හෙට දවසේ අප දෙදෙනා
අද වාගෙම හමුවිය යුතුවේ
අද දවසේ මවෙත ගෙනා
මිහිර හෙටත් ගෙන ආ යුතු වේ

කිසි වෙනසක් නැති එකම දෙයක් ඇත
එය මා ලැබු ඔබෙ ආදරයි
මගෙ ජීවිතයම නෞකාවක් නම්
එය ඔබ සුරකින සාගරයයි

හෙට දවසේ අප දෙදෙනා
අද වාගෙම හමුවිය යුතුවේ
අද දවසේ මවෙත ගෙනා
මිහිර හෙටත් ගෙන ආ යුතු වේ

අද සුපිපෙන මල හෙට නොපිපේවී
ලෝකය දිවයයි වෙනස් වෙලා
එලෙස වෙනස්වන ලොවෙහි අළුත් වන
ආදරයම මම හිදිමි බලා

හෙට දවසේ අප දෙදෙනා
අද වාගෙම හමුවිය යුතුවේ
අද දවසේ මවෙත ගෙනා
මිහිර හෙටත් ගෙන ආ යුතු වේ ...//

ගායනය - ප්‍රියා සූරියසේන
පද - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - ප්‍රියා සූරියසේන
(ප්‍රියා සන්ෆ්ලවර් සමග)

No comments: