Wednesday, May 15, 2019

ජීවන ගංගා ඉවුරේ අපී

ජීවන ගංගා ඉවුරේ අපී
ඇවිද යං ප්‍රියේ
පායන හිරුට හාදු දී
මල් පිපී තියේ

ජීවන ගංගා ඉවුරේ අපී
ඇවිද යං ප්‍රියේ
පායන හිරුට හාදු දී
මල් පිපී තියේ

නිම්නෙ ඒ
සෞම්ය වේ
ගතෙහි සිතෙහි සුව සැදේ
සුවඳින් පිරේ
සිසිලෙන් රැඳේ
සන්තානේ සන්තෝෂේ මෝදුවේ

රුවැති ගුණැති දූ පුතුන්
ඒ කුසුම් වගේ
පැහැ ද සුවඳ විහිදලා
ලෝ තුලින් නැඟේ

අනාගතේ
ඔවුන් අතේ
තබමු සතුට දේ සිතේ
දුකින් මිදී
සැපෙන් සැදී
සැනසේවි සෙත දී මෙ ලෝ හිදී

ඉන් පස්සෙ යළි නේන මඟෙ වැටී
නිම්නේ බලා ඒ
අවසාන ගමනේහී යමු අපී
ගංගා තෙරේ ඔහේ

ජීවන ගංගා ඉවුරේ අපී
ඇවිද යං ප්‍රියේ
පායන හිරුට හාදු දී
මල් පිපී තියේ

ආ... ආ... ආආආ... අඅඅඅ ආඅආ....

ගායනය - ලතා වල්පොල සමග ධර්මදාස වල්පොල
පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
1959 දී තිරගතවූ "ශ්‍රී 296" චිත්‍රපටියේ ගීයකි.

1957 දී තිරගතවූ "12 O'Clock" චිත්‍රපටියට මොහොමඩ් රාෆි හා ගීතා දත් ගායනා කළ, "Tum Jo Huye Mere Humsafar" නම් ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



හින්දි ගීයේ පද

tum jo huwe mere humsafar.
raste badal gaye.
lakho diye mere pyar ki
raho me jal gaye
...
kya manjile kya karwa
baho me teri hai sara jaha
aa jane jaan chalte waha
milte jaha hai jami aasman
manjil se bhi kahi dur hum
aaj nikal gaye
lakho diye mere pyar ki raho me jal gaye
...
aaya mazaa laya nasha
tere labo ki baharo ka rang
mausam jawa saathi hasi
us pe nazar ki isharo ka rang
kitne bhi rang the ab teri
aankho me dhal gaye
lakho diye mere pyar ki raho me jal gaye
tum jo hue...
hmmmm... ahaaa

तुम जो हुए मेरे हमसफ़र, रस्ते बदल गये
लाखों दिये मेरे प्यार की, राहों मे जल गये

आया मज़ा, लाया नशा, तेरे लबों की बहारों का रंग
मौसम जवाँ, साथी हसीं, उसपर नज़र के इशारों का रंग
जितने भी रंग थे, सब तेरी आँखों में ढल गये
लाखों दिये मेरे प्यार की, राहों मे जल गये ...

क्या मंज़िलें क्या कारवाँ, बाहों में तेरी है सारा जहाँ
आ जानेजाँ, चल दे वहाँ, मिलते जहाँ पे ज़मीं आसमाँ
मंज़िल से भी कहीं दूर हम, आगे निकल गये
लाखों दिये मेरे प्यार की, राहों मे जल गये ...

Singer - Mohammed Rafi & Geeta Dutt
Lyricist - Majrooh Sultanpuri
Music/ Composer - O.P. Nayyar
Movie - 12 O' Clock (1958)

No comments: