Thursday, June 20, 2019

ලා බම්බාස්




මොරටුව ප්‍රදේශයේ තරුණයෙක්වූ බ්‍රයන් ප්‍රනාන්දු, ලා සිලෝනියන්ස් ලා ගයන ආකාරය හා ඔවුන් ගේ ඉදිරිපත් කිරීමේ විලාසය ගැන පැහැදීමකින් සිටි අයෙක්. ඔහුගෙ හිතෙත් තිබුණා ඒ වාගෙ කණ්ඩායමක් හදා ගැනීමේ ආශාව. මෙන්න මේ අතරවාරයෙයි ඔහු "The Ceylon Observer" පුවත් පතෙහි වූ දැන්වීමක් දකින්නෙ. බ්‍රයන් ට හිතෙනවා මේ තමයි තම අභිප්‍රාය සාර්ථක කර ගැනීමේ මඟ කියල. ඔහු තම මිතුරන් වූ ලස්ලා ප්‍රනාන්දු. රෝලින්සන් ෆර්ඩිනැන්ඩො හා ප්‍රියා පීරිස් එකතු කරගෙන අර දැන්වීමට ප්‍රතිචාර දක්වනවා.

ඒ අනුව ඔවුනට කුසලතා පරීක්ෂණයක් සඳහා කැඳවීමක් ලැබෙනවා "The Jetliners" කණ්ඩායමෙන්. ඒ 1966 පෙබරවාරියෙ. එහිදී බ්‍රයන් ප්‍රනාන්දු ඇතුලු කණ්ඩායමට හොඳ අගැයීමක් ලැබෙනවා. ප්‍රතිථලය ලෙස ඔවුනට අවස්ථාව ලැබෙනවා, ගාලු මුවදොර ගෝල් ෆේස් හෝටලයේ "Coconut Grove" හී ප්‍රාසාංගික ඉදිරිපත් කිරීමකට. ඒ 1966 මැයි 25 වැනිදා.

එදා නම් ඔවුනට යහපත් ප්‍රතිචාර ලැබුණෙ නෑ රැස්ව සිටි පිරිසගෙන්. බටහිර පොප් සංගීතයට ලොල් වූ ඒ පිරිසෙන් ලැබුණෙ වැඩිපුරම සමච්චල්. නුමුත් මේ සමච්චල්, ඇද කිරීම් හා ඔච්චම් නිසා තමා දැඩි අදිටනක් ඇතිකරගත් බව, බ්‍රයන් පසු කාලයක හෙළිදරව් කර තිබුණා.

අමිහිරි අධෛර්යයට පත් කෙරෙන සිදුවීම් ඔස්සේ තමයි "ලා බම්බාස්" කණ්ඩායම බිහිවෙන්නෙ.

බ්‍රයන් ප්‍රනාන්දුගේ නායකත්වයෙන් යුතු වූ "ලා බම්බාස්" කණ්ඩායමේ සාමාජිකයින් වුණේ මේ අයයි.

ප්‍රියා පීරිස්
බ්‍රයන් ප්‍රනාන්දු
රෝලින්සන් ෆර්ඩිනැන්ඩො
ලස්ලා ප්‍රනාන්දු

ලා සිලෝනියන්ස් නායක නොයෙල් රණසිංහ හා ලොස් කබෙයියෙරෝස් නායක නෙවිල් ප්‍රනාන්දු යන අයගේ දිරි ගැන්වීම නිසාත්, විජය කොරයා හා වර්නන් කොරයා යන අයගේ අත හිත දීමත් හමුවේ සාර්ථකත්වය ළඟා කර ගත හැකිවූ බවද බ්‍රයන් පසු කාලයක කෘතවේදීව පවසා තිබුණා.

ඔවුන් ගේ මුල් ම සිංහල ගීය කුමක්දැයි කියන්නට ප්‍රමාණවත් සාක්ෂ්‍ය මා සතුව නැහැ

අර ගෝල් ෆේස් හෝටලයේ "Coconut Grove" හීදී ඔවුන් ස්වීය නිර්මාණ ලෙස "මැණිකා" හා "පෝයදා" ආදී ගී ඉදිරිපත් කර තිබුණා.

"ලා බම්බාස්" කණ්ඩායමේ පළමු EP තැටිය 1968 දී "Paradise" ලේබලයෙන් යුතුව නිකුත් වුණා.

මේ තැටිය ගැන ඇති තොරතුරු වල යම් ව්‍යාකූලතාවක් තියෙනවා.

දැනට "A" පැත්තේ ඇතුළත් වූ ගී දෙක පමණක් ඉදිරිපත් කරන්නම්.

A1 - තොටියෝ
A2 - සුදු නංගී (නුවරඑළියෙ යන්න)

දිය දහරින් හැම
බේරාගෙන තම
ඔරුවක් පැද යන්නෝ
දිය සුළි නංවා
ජා කොටු බේරා
පදිමුද ඔරු තොටියෝ
පදිමුද ඔරු තොටියෝ

නිලුපුල් පාවෙන
තම ඇස් පිනවන
දේ සැම බල බලලා
කම්මැලි ගතියත්
නොහොබින වෙහෙසත්
සැම අමතක කරලා
සැම අමතක කරලා

දීගෙන ආලේ පණ මෙන් ඔරුවට
නැඟ යමු අවලට වෙර දීලා
නැඟ යමු අවලට වෙර දීලා

නිලුපුල් පාවෙන
තම ඇස් පිනවන
දේ සැම බල බලලා
කම්මැලි ගතියත්
නොහොබින වෙහෙසත්
සැම අමතක කරලා
සැම අමතක කරලා

හමන සුළඟේ
සිසිල නැහැවේ
හමා යයි ඩහදිය නසා
හමා යයි ඩහදිය නසා

දිය දහරින් හැම
බේරාගෙන තම
ඔරුවක් පැද යන්නෝ
දිය සුළි නංවා
ජා කොටු බේරා
පදිමුද ඔරු තොටියෝ
පදිමුද ඔරු තොටියෝ
පදිමුද ඔරු තොටියෝ
පදිමුද ඔරු තොටියෝ

ගායනය - ලා බම්බාස්
පද හා තනුව - බ්‍රයන් ප්‍රනාන්දු


නුවරඑළියෙ යන්න
හොඳ විවේකයක් ගන්න
අම්ම කීවෙ මෙන්න
මෙය හොඳින් අසාගන්න
මාමලා බලන්න
ගොස් නිවාඩුවේ ඉන්න
කැමතිද සුදු නංගියෙ ඔබ එහේ ගිහිං ඉන්න ...//

ඈත වගේ අයියලා
ඇතිව මට බැහැ කිසිදා
ඵල තිබුණත් පිරිලා
කවුරු දේවිද කඩලා

කඳුකරය තැනක ලා
අවට තේ වතු බලලා
මල් උයනට වැදිලා
ගයන්න ගීත පබැඳලා

නුවරඑළියෙ යන්න
හොඳ විවේකයක් ගන්න
අම්ම කීව මෙන්න
මෙය හොඳින් අසාගන්න
මාමලා බලන්න
ගොස් නිවාඩුවේ ඉන්න
කැමතිද සුදු නංගියෙ ඔබ එහේ ගිහිං ඉන්න ...//

වර්ණ මාල ගොත ගොතා
කියන්න සැමට රස කතා
මාමගේ බිළිඳු පුතා
සුරතල් කරනු කැමැත්තා

වැව් පොකුණු ගං තෙරේ
කුරුල්ලො හඬයි සෝකයේ
දිය පාර ඒ වෙලේ
නොගලයි ගියොත් නංගියේ

වරකා මඳුලු කන්න
මං ආස ගෙදර ඉන්න
මාමලා බලන්න
අයියලත් එක්ක යන්න
අම්මටත් කියන්න (ආ.. අඅ ආ...
මට බෑ තනිවම ඉන්න (ලල් ලා ලා...
කැමතියි අයියලා සමග එහේ ගිහිං ඉන්න (ආ.. අඅ ආ... අඅ ආ... අඅ ආ...

කැමතිද සුදු නංගියෙ ඔබ එහේ ගිහිං ඉන්න
කැමතියි අයියලා සමග එහේ ගිහිං ඉන්න (ආ.. අඅ ආ... අඅ ආ... අඅ ආ...

කැමතිද සුදු නංගියෙ ඔබ එහේ ගිහිං ඉන්න
කැමතියි අයියලා සමග එහේ ගිහිං ඉන්න (ආ.. අඅ ආ... අඅ ආ... අඅ ආ...

ගායනය - ලා බම්බාස් (ක්‍රිස්ටීන් ගුණවර්ධන සමග)
තනුව - බ්‍රයන් ප්‍රනාන්දු




ලා බම්බාස් කණ්ඩායමේ දෙවන EP තැටිය නිකුත් වෙන්නෙ 1970 දි පිලිප්ස් ලේබලයෙන්.

ලා බම්බාස් ගී තැටි ගැන ඇති තොරතුරු වාර්තාකරණයේදී, මුලදී කවරෙකු අතින් හෝ යම් වැරැද්දක් සිදුවී තිබෙනවා. ඉන් පසු ඒ වැරැද්ද දිගින් දිගටම සිදුවී ඇති බව පෙනී යනවා. (බොහෝ දෙනා කරන්නෙ පවතිනා තොරතුරු කොපි කිරීමයි. ගවේෂණයක් නෑ. ඒ නිසයි වැරැද්ද දිගින් දිගටම සිදුවී තියෙන්නෙ. එම වැරැද්ද නිවැරදි කර ඉදිරියේ දී පලකරන්නම්.)

ලා බම්බාස් කන්ඩායමේ ගී තැටි 4 ක් නිකුත්වී තියෙනවා. ඉන් පළමු දෙක, එනම් පැරඩයිස් ලේබලයෙන් නිකුත් වූ තැටියේ හා පිලිප්ස් ලේබලයෙන් නිකුත් වූ තැටියේ ගී සම්බන්ධවයි ව්‍යාකූලතාව පවතින්නෙ.

කොහොම වුණත්, පහත ගී හතර එක් EP තැටියක අන්තර්ගත වූ බව අනුමාන කරනවා..

1. ඔබේ අත සරසන්න
2. සමන්මලී
3. හඳපානේ (නිසල රැයේ)
4. නෙළුම් විලේ (එන්න යන්න නෙළුම් විලේ නෙළුම් කඩන්න)

ඔබේ අත සරසන්න
මුතු මාල ගොතන්න
සුර කුමරියො එයි නළවන්න
මැණික් ගල් අහුලන්න
නළලෙ පොට්ටු තබන්න
එන්නම් මම ඔබව බලන්න ....//

සුරංගනාවී
මගෙ සුකුමාලී
පෙම්බර කුමාරී
සැරදේවා .....//

ඔබේ අත සරසන්න
මුතු මාල ගොතන්න
සුර කුමරියො එයි නළවන්න
මැණික් ගල් අහුලන්න
නළලෙ පොට්ටු තබන්න
එන්නම් මම ඔබව බලන්න ....//

සුරංගනාවී
මගෙ සුකුමාලී
පෙම්බර කුමාරී
සැරදේවා .....//

ඔබේ අත සරසන්න
මුතු මාල ගොතන්න
සුර කුමරියො එයි නළවන්න
මැණික් ගල් අහුලන්න
නළලෙ පොට්ටු තබන්න
එන්නම් මම ඔබව බලන්න
එන්නම් මම ඔබව බලන්න

මාල වළලු හැට්ට අරන් ලතා ඔබේ අත සරසන්න
එන්නම් මම ඔබව බලන්න ...../////.

ගායනය - ලා බම්බාස්
තනුව - ?


සමන්මලී සමන්මලී කොයිබද උදයේ
ඔබව බලාගන්නයි මම ආවේ ඊයේ
මෙ මට එවුව වෙසක් පතක් හමුවුණා ඔබගේ
ඔබ නම් දැන් අතින් අඹපු රූපයක් වගේ

තදට හැට්ටය ඇඳලා
හැට්ටෙ ඔප හැඩ කරලා
රෝස මලක් ගසාලා
යන්නෙ පාරට බැහැලා ....//

ටිකිරි අයිය විවාහ වෙලා ඉන්නෙ කොයිබද
මැණිකෙ නංගි තවමත් පාසැල් යනවාද
විභාගයේ ප්‍රතිඵල තව ලැබුණේ නැද්ද
කඩිමුඩියේ සමන්මලී කොයි යනවාද

තදට හැට්ටය ඇඳලා
හැට්ටෙ ඔප හැඩ කරලා
රෝස මලක් ගසාලා
යන්නෙ පාරට බැහැලා ....//

බණ්ඩා මල්ලි ඔබත් සමග තවම තරහද
ගෙදර දොරේ වැඩපල ටික කරන්නෙ ඔහුද
එදා මෙන්ම අදත් කතා බහට ලැජ්ජ ද
නිවාඩුවට අපේ ගෙදර එන්න නංගියෝ

තදට හැට්ටය ඇඳලා
හැට්ටෙ ඔප හැඩ කරලා
රෝස මලක් ගසාලා
යන්නෙ පාරට බැහැලා ....//

සමන්මලී සමන්මලී කොයිබද උදයේ
ඔබව බලාගන්නයි මම ආවේ ඊයේ
මෙ මට එවුව වෙසක් පතක් හමුවුණා ඔබගේ
ඔබ නම් දැන් අතින් අඹපු රූපයක් වගේ

තදට හැට්ටය ඇඳලා
හැට්ටෙ ඔප හැඩ කරලා
රෝස මලක් ගසාලා
යන්නෙ පාරට බැහැලා ....//

ගායනය - ලා බම්බාස්
තනුව - රොලින්සන් ෆර්ඩිනැන්ඩු



නිසල රැයේ පුන් පෝය දිනේ
සුදු වැලි මත උන් ඒ

සිරියයි බැබලෙන හඳපානේ
ලස්සණ රැය ගෙවුණේ ...//

කාට හොරාම සැරිසැරු සැවොමා
දුටුවලු හඳමාමා

හෙමින් සැරේ වලා'තරින්
සැංගුණි අපව දමා ....//

සුනිල ජලේ අපි බැස නාලා
තරඟෙට පිහිනාලා

ඕලු කඩා ගෙන මල් මාලා
ගොඩ ආවෙමු ගෙල ලා ....//

නිසල රැයේ පුන් පෝය දිනේ
සුදු වැලි මත උන් ඒ

සිරියයි බැබලෙන හඳපානේ
ලස්සණ රැය ගෙවුණේ ...//

ගායනය - ලා බම්බාස්
තනුව - රොලින්සන් ෆර්ඩිනැන්ඩු



එන්න යන්න නෙළුම් විලේ නෙළුම් කඩන්න
නෙළුම් ඔබේ අත මට දෙන්න
හා හා හා ළඟම තියෙන පියගැටපෙළ දිහා බලන්න
ඔබේ සිනිඳු පාද තබන්න
ළඟම තියෙන පියගැටපෙළ දිහා බලන්න
ඔබේ සිනිඳු පාද තබන්න ....//

හංස පැටවු ඉන්නවා
මාළු පීනා යනවා
කුරුලු නාද කරනවා
රිලව් පිණුම් ගසනවා
මල් පිපී තිබෙනවා
බමරු එහි පොරකනවා
උයන් සිරිය විනෝදයෙන් ඇලලී යනවා

එන්න යන්න නෙළුම් විලේ නෙළුම් කඩන්න
නෙළුම් ඔබේ අත මට දෙන්න
හා හා හා ළඟම තියෙන පියගැටපෙළ දිහා බලන්න
ඔබේ සිනිඳු පාද තබන්න
ළඟම තියෙන පියගැටපෙළ දිහා බලන්න
ඔබේ සිනිඳු පාද තබන්න

අතන කුරුලු ජෝඩුවයි
පෙම් ජවනිකා මවයි
අප දිහාවේ බලයි
අපට විහිළුවක් කරයි
සුදු මං නුඹේ තමයි
අප දෙදෙන එක්වුණයි
අනංගයා රජ කරන්නෙ මෙවැනි තැන් වලයි

එන්න යන්න නෙළුම් විලේ නෙළුම් කඩන්න
නෙළුම් ඔබේ අත මට දෙන්න
හා හා හා ළඟම තියෙන පියගැටපෙළ දිහා බලන්න
ඔබේ සිනිඳු පාද තබන්න
ළඟම තියෙන පියගැටපෙළ දිහා බලන්න
ඔබේ සිනිඳු පාද තබන්න ....//
ඔබේ සිනිඳු පාද තබන්න ////.

ගායනය - ලා බම්බාස්
තනුව - රොලින්සන් ෆර්ඩිනැන්ඩු





1971 දි "සූරිය" ලේබලයෙන් නිකුත් වන "ලා බම්බාස්" කණ්ඩායමේ තෙවන EP තැටියෙහි අඩංගු වුණේ පහත ගී හතර.

1. Cock a doodle do
2. නුවර මැණිකෙලා
3. හිමිදිරියේ
4. ලක් නදී









There lives a jolly bird in the back yard of our home
We got him from the market place he prefers being alone
Day by day in every way good luck he's bound to bring
Bright and Early right at dawn when he begins to sing

He's Mr Cock-a-doodle-do
Wakes up at half past two
The night is done the sun will shine and sky will soon be blue
Cock-a-doodle-do wish good morning all of you
Early morning as you wake up Cock-a-doodle-do

Schooling days are gone
Holidays are playing time
No more studying lessons so don't wake me till its nine
I wanna sleep a little more so let the bright sun shine
You get up late and make it nine your cock-a-doodle time

Mr Cock-a-doodle-do
Wakes up at half past two
The night is done the sun will shine and sky will soon be blue
Cock-a-doodle-do wish good morning all of you
Early morning as you wake up Cock-a-doodle-do

My lucky day has come
I look so smart and glow
Today is my Birthday yes I am ten years old
I'll help myself with Birthday Cake and bring the share to you
You wish me luck and keep on singing Cock-a-doodle-do

Mr Cock-a-doodle-do
Wakes up at half past two
The night is done the sun will shine and sky will soon be blue
Cock-a-doodle-do wish good morning all of you
Early morning as you wake up Cock-a-doodle-do

This melody will be rigging every morning in your ear
The song is sweet the tune is catchy and so familiar
It means so much to all of us it brings us all good cheer
The Cock-a-doodle song will always echo in your ear

Mr Cock-a-doodle-do
Wakes up at half past two
The night is done the sun will shine and sky will soon be blue
Cock-a-doodle-do wish good morning all of you
Early morning as you wake up Cock-a-doodle-do .....//

Early morning as you wake up Cock-a-doodle-do
Early morning as you wake up Cock-a-doodle-do
Early morning as you wake up
Cock-a-doodle-do

ගායනය - ලා බම්බාස්
පද හා තනුව - ප්‍රියා පීරිස්



කළේ උකුළෙ තියාලා
බුලත් විටක් හපාලා
දසන් දෙපළ පෙන්නලා
ටිකිරි සිනාව පාලා
මම ඉන්නව දැකලා
අනිත් පැත්ත බලාලා
යනවනෙ මහනුවර මැණිකෙලා
යනවනෙ මහනුවර මැණිකෙලා ...//

හිමිදිරියෙන් පිබිදෙන්නේ
පිබිදෙන්නේ
ගම්මානේ ඔපවන්නේ
ඔපවන්නේ
කළෙත් අරන් බැසයන්නේ
බැසයන්නේ
දිය පුරවා (ආ..)
ගෙට එන්නේ

කළේ උකුළෙ තියාලා
බුලත් විටක් හපාලා
දසන් දෙපළ පෙන්නලා
ටිකිරි සිනාව පාලා
මම ඉන්නව දැකලා
අනිත් පැත්ත බලාලා
යනවනෙ මහනුවර මැණිකෙලා
යනවනෙ මහනුවර මැණිකෙලා

අහක බලන් ඇයි ළඳුනේ
මුකුළු ලෙසින් හිනැහෙන්නේ
අපි සමගින් එන්න අනේ
වැව රවුමෙයි අපි යන්නේ

කළේ උකුළෙ තියාලා
බුලත් විටක් හපාලා
දසන් දෙපළ පෙන්නලා
ටිකිරි සිනාව පාලා
මම ඉන්නව දැකලා
අනිත් පැත්ත බලාලා
යනවනෙ මහනුවර මැණිකෙලා
යනවනෙ මහනුවර මැණිකෙලා

දර කඩලා වන රොද්දට
එන විට කළුවර වැටුණේ
පහන දවා වැඳල බුදුන්
මැණිකෙල දැන් සුව නින්දේ
මැණිකෙල දැන් සුව නින්දේ
මැණිකෙල දැන්
සුව නින්දේ


ගායනය - ලා බම්බාස්
තනුව - ප්‍රියා පීරිස්





හිමිදිරියේ ඔබ හොර රහසේ
හිරුගෙන් ගත් වරමින් නිසිසේ
තුරු අතරේ කුමරියක ලෙසේ
කඩන්නෙ දෑතින් හැකිද කෙසේ
චූටිගෙ පොඩි ගවුමේ ( ආ.. ආආ..  ආආආ..
ලොකු පොඩි මල් පිපුණේ ( ආ.. ආආ..  ආආආ..

ඇලේ දොලේ හා රජ මැදුරේ
සිරිදෙන පුෂ්පය ඔබවේ ....//

හාහාහා... හාහාහා...
හා පියකරු මල ඔබවේ ...//

වනන්තරේ ඔබ සැඟවෙනවා
කැන්දන් යන්නට මා එනවා
දුටුවද ඔබ මම හිනැහෙනවා
අක්කිල ඔබ සිඹ සිඹ යනවා ...//

චූටිගෙ පොඩි ගවුමේ ( ආ.. ආආ..  ආආආ..
ලොකු පොඩි මල් පිපුණේ ( ආ.. ආආ..  ආආආ..

ඇලේ දොලේ හා රජ මැදුරේ
සිරිදෙන පුෂ්පය ඔබවේ ....//

හාහාහා... හාහාහා...
හා පියකරු මල ඔබවේ ...////.

ගායනය - ලා බම්බාස්
තනුව - රොලින්සන් ෆර්ඩිනැන්ඩු





ගලනා
දිවෙනා
ලක් නදී සෝබා
ගල් පර සුදු වැලි පැහැ ගන්වා ...//

රූබර ළඳුනක සියොළඟ
රූබර ළඳුනක සියොළඟ
ඔප ගන්වාලා

ගොවියට
අප රට කා හට ...//
සෙත සලසාලා

ගලා යයි නදී
සාගරයට ඇදී ...//

ගලනා
දිවෙනා
ලක් නදී සෝබා
ගල් පර සුදු වැලි පැහැ ගන්වා...//

ගිං කළු වළවෙ මහවැලි
ගිං කළු වළවෙ මහවැලි
මේ ගංගාවෝ

අප සිරි ලක්දිව අලංකාර //
කරණට වූවෝ

ගලා යයි නදී
සාගරයට ඇදී ...//

ගලනා
දිවෙනා
ලක් නදී සෝබා
ගල් පර සුදු වැලි පැහැ ගන්වා ...//

ගල් පර සුදු වැලි පැහැ ගන්වා ///.

ගායනය - ලා බම්බාස්
තනුව - රොලින්සන් ෆර්ඩිනැන්ඩු

 



ලා බම්බාස් කණ්ඩායමේ හතරවන EP තැටිය නිකුත් වූයේ 1972 වසරෙදි, "Macbertan" ලේබලයෙන්.

මේ එහි අඩංතු වූ ගී හතරයි.

1. Welcome to sunny Lanka
2. නාලි
3. Ayubowan
4. මොරටුව









Welcome to sunny Lanka
Welcome to bright Ceylon
to listen all you friendly hopes to you will this song
A country full of happyness and Island full of fun
Welcome to sunny Lanka The Island in the Sun

Big city of Colombo is busy all the day
It caters most anything and makes your life so gay
The golden sandy beaches the warming whiting sea
It happens on Earth a paradise my friends you will agree

Welcome to sunny Lanka
Welcome to bright Ceylon
to listen all you friendly hopes to you will this song
A country full of happyness and Island full of fun
Welcome to sunny Lanka The Island in the Sun

You must go up to Kandy the Kingdom of the Hills
It's not too hot and not too cold just a place for thrill
The famous Esala Procession don't miss that unique feast
0f proud and well dressed Elephants parading on the streets

Welcome to sunny Lanka
Welcome to bright Ceylon
to listen all you friendly hopes to you will this song
A country full of happyness and Island full of fun
Welcome to sunny Lanka The Island in the Sun

For boating fishing hiking that billy chilly place
Among the breeze on highlands come spend your holidays
It's summer time in Nuwaraeliya when the sun is bright
In shading parks of flowers bloom what a healthy place
(aiy aiy ya....)

Watch the glorios Sun rise atop of Adam's Peeak
Best friends with smiley people Sinhala try to speak
All this and more awake you in this Island full of fun
Welcome to sunny Lanka The Island in the Sun //

Welcome to sunny Lanka
The Island
In the Sun

ගායනය - ලා බම්බාස්
තනුව හා පද- ප්‍රියා පීරිස්

Sung by - La Bambas
Lyricist & Composer - Priya Peiris


වලාකුළින් එතෙර ලොවක් බලා
ඔබ ගියා නේද මටත් නොකියා හොරා
ඔබ එනතුරු මා ඉන්නෙමි මග බලා
ආවොතින් මගේ පැතුම් ඉටුවේවා

පිණි බිඳු දැවටෙන මල් ගොමු මරද නිදැල්ලේ
නැවතත් ඔබ හමුවේවි ද ඒ වසන්තේ
මගෙ නාලිය තුරුලිය මැද සිත් තැවිල්ලේ
කවදා හෝ වෙසෙමී මා එක කැදැල්ලේ

මා අඳුරෙහී
ඔබ වලාකුළක අඳුරකට වැසී
මා තැවි තැවී
නාලිය නොහළනු ඔබේ කඳුළැලී

වසරක් වසරක් ඉවසිල්ලෙන් ගියාවේ
ඔබ පතමින් මගෙ හදවත ගෙවුණාවේ
අපේ වසන්තය නැවත උදාවේ
කවදා හෝ එන්නයි පිටවූයේ

මාගේ ප්‍රියේ
තොරතුරු ලියන්න වහා මට ඔබේ
නාලී මගේ
ඔබ එනතුරු දින ගණිමි මා ප්‍රියේ

වලාකුළින් එතෙර ලොවක් බලා
ඔබ ගියා නේද මටත් නොකියා හොරා
ඔබ එනතුරු මා ඉන්නෙමි මග බලා
ආවොතින් මගේ පැතුම් ඉටුවේවා (ආආ ආ ආ... අඅආ ආ...)_

ආවොතින් මගේ පැතුම් ඉටුවේවා (ආආ ආ ආ... අඅආ ආ...)....///

ගායනය - ලා බම්බාස් (ක්‍රිස්ටීන් ගුණවර්ධන සමග)
පද හා තනුව - බ්‍රයන් ප්‍රනාන්දු



If you ever come to Ceylon, Sri Lanka now it's known
You'll never feel a stranger You'll never feel alone
For here in Sunny Sri Lanka to make you feel like home
There's a greeting that's awaiting something very much our own

Be call it Ayubowan clasping both hands
Ayubowan friends from many lands
Ayubowan this greeting we extend
May all the days in Sri Lanka be happy ones my friends

There's wisdom in this greeting it mean most anything
Good Luck Long Life Good Day Good Night it means just everything
It's a magic kind of greeting just kind that warms the hearts
Growing even strangers cheer from thousand smiles apart

So sing Ayubowan clasping both hands
Ayubowan friends from many lands
Ayubowan this greeting we extend
May all the days in Sri Lanka be happy ones my friends

When you are in Sri Lanka up the Hills or by the Sea
Just you relax but that's not all there's much more you should see
And when you are at home one day think of us now and then
There well God Bless Ayubowan till we meet again

Untill then Ayubowan clasping both hands
Ayubowan friends from many lands
Ayubowan this greeting we extend
May all the days in Sri Lanka be happy ones my friends ..//

May all the days in Sri Lanka be happy ones my friends //
best friends La lalla la  ///.

ගායනය - ලා බම්බාස්
තනුව හා පද- ප්‍රියා පීරිස්

Sung by - La Bambas
Lyricist & Composer - Priya Peiris



 මොරටුවෙ මොරටුවේ
ශ්‍රී ලංකා දීපයේ
මවන්නෙ මවන්නේ
සුර විමනක් මේ පුරේ
නටන්න විනෝදේ
සින්දු කියා මොරටුවේ
රැව් දේ ලක් දිවේ
මොරටු ගම අපේ
රැව් දේ ලක් දිවේ
මොරටු ගම අපේ...//

පුරා පුන් සඳෙන් මොරටුව දිලී දිලෙන්නේ (මොරටුවෙ)
ගයා ගීතයන් ආදර හැඟුම් මවන්නේ (මොරටුවෙ)
රඟා නන් ලෙසින් සාදර සිත් පිනවන්නේ
දවා සෝ සුසුම් වෙරළෙ හැම සැනසෙන්නේ ...//

මොරටුවෙ මොරටුවේ
ශ්‍රී ලංකා දීපයේ
මවන්නෙ මවන්නේ
සුර විමනක් මේ පුරේ
නටන්න විනෝදේ
සින්දු කියා මොරටුවේ
රැව් දේ ලක් දිවේ
මොරටු ගම අපේ
රැව් දේ ලක් දිවේ
මොරටු ගම අපේ

දෙසින් බටහිරෙන් ගම් දහඅටකින් එක්වී (මොරටුවෙ)
මසුන් මරන්නන් වඩුවන් අගේ කෙරේවී (මොරටුවෙ)
ලොවේ දූ පුතුන් අගයන ලී බඩු නිමවී
ගමේ මොරටුවේ ගහට ගහ හමුවේවී ...//

මොරටුවෙ මොරටුවේ
ශ්‍රී ලංකා දීපයේ
මවන්නෙ මවන්නේ
සුර විමනක් මේ පුරේ
නටන්න විනෝදේ
සින්දු කියා මොරටුවේ
රැව් දේ ලක් දිවේ
මොරටු ගම අපේ
රැව් දේ ලක් දිවේ
මොරටු ගම අපේ ...//

ගායනය - ලා බම්බාස්
තනුව - රොලින්සන් ෆර්ඩිනැන්ඩු




ආරම්භයේදී ලා බම්බාස් කණ්ඩායමේ හිටියෙ සාමාජිකයින් හතර දෙනයි. 1968 දී ඔවුන් ප්‍රථම EP තැටිය නිකුත් කළා. එහි ගායන සහයට ක්‍රිස්ටීන් ගුණවර්ධන එකතු කරගත්තා. 1970 දි ඊළඟ EP තැටිය නිකුත් වෙනකොට තවත් සාමාජිකයින් දෙදෙනෙක් එනතු වී සිටියා.

ඒ දෙදෙනා
1. එරින්ටන් පෙරේරා
2. මල්සිරි විජේසූරිය













 මා මුලදි සඳහන් කළා ලා බම්බාස් කණ්ඩායමේ මුල් EP තැටි දෙක සම්බන්ධයෙන් තිබෙණ තොරතුරු වල යම් ව්‍යාකූලතාවක් තියෙනවා කියල. ඔව්. එය නිරාකරණය සඳහා ප්‍රමාණවත් සාක්ෂ්‍ය තවමත් හොයා ගන්න බැරිවුණා.

මුල් ගී තැටියේ ගී දෙකක් මා ඉදිරිපත් කළා. අනෙක් ගී දෙක පහත ගී දෙක බව අනුමාණ කරනවා.

කුරුලන් පියඹාලා
යනවිට අහර බලා
දුටු ලෝ සිරියා ගැන කීවා උන්
කුරුලු බසට නගලා

හිරු ඇත හිනහවෙලා
අද නෑ අඳුරු වලා
රතු සුදු පැහැයෙන් ඔප වැටිලා - හරි
ලස්සණ මල් පිපිලා

සිරි වසන්තේ මල් පිපීලා
නෙත්කළු රුවකින් ඇත බබලා
බමරුන් සමනොලයින් මී මැස්සන්
යයි උන් මල් දෙස පියඹාලා

උදයෙම අවදිවෙලා
පාසල් යන කමලා
මල් කඩලා ගුරුතුමියට දුන්නා
මල් පොකුරක් හදලා

සිරි වසන්තේ මල් පිපීලා
නෙත්කළු රුවකින් ඇත බබලා
බමරුන් සමනොලයින් මී මැස්සන්
යයි උන් මල් දෙස පියඹාලා

හිරු ඇත හිනහවෙලා
අද නෑ අඳුරු වලා
රතු සුදු පැහැයෙන් ඔප වැටිලා - හරි
ලස්සණ මල් පිපිලා

ගායනය - ලා බම්බාස්
තනුව - ප්‍රියා පීරිස්


ආකාසේ තද කළු    පාටයි
සුළං තදින් හමා ගස්කොළන් බිම දමයි
අහසින් ගෙරවුම් හඬ නැඟෙයි
ලෝකයෙ විනාසේ වගෙයි ...//

වැස්ස වසිනවා කුරුල්ලො පියඹා යනවා
කැදලි වැටෙනවා පැටවුන් විලාප දෙනවා
ගඟ උතුරනවා වෙල්එළි පිරිතිරි යනවා
සීත සුළං තදින් හමනවා ....//

ආකාසේ තද කළු    පාටයි
සුළං තදින් හමා ගස්කොළන් බිම දමයි
අහසින් ගෙරවුම් හඬ නැඟෙයි
ලෝකයෙ විනාසේ වගෙයි

සුළං හමනවා මල් අතු බිමට නැවෙනවා
රූං ගානවා බමරුන් ඉගිලී යනවා
කඹේ ලිහනවා හරකව දක්කන් යනවා
මිනිසුන් පසු නොබල දුවනවා ....//

ආකාසේ තද කළු    පාටයි
සුළං තදින් හමා ගස්කොළන් බිම දමයි
අහසින් ගෙරවුම් හඬ නැඟෙයි
ලෝකයෙ විනාසේ වගෙයි ...//

ලෝකයෙ විනාසේ වගෙයි ///.

ගායනය - ලා බම්බාස්
තනුව - රොලින්සන් ෆර්ඩිනැන්ඩො


 

හමුවෙමු මඳ විරාමයකින් .......


No comments: