Monday, June 10, 2019

ලා සිලෝනියන්ස්

කණ්ඩායම් සංගීත ඉතිහාසය සැලකූ විට සිංහල ගී ගායනය කරන්නට පුරෝගාමීවූ තවත් කණ්ඩායමක් වූයේ "ලා සිලෝනියන්ස්". "ලොස් කබෙයියෙරෝස්" ප්‍රථමයෙන්ම තමන්ගේම නිර්මාණයක් ලෙස සිංහල ගීයක් ගායනා කළේ 1964 දි. ලා සිලෝනියන්ස් කණ්ඩායමත් ඒ අන්දමටම තමන්ගේම වූ සිංහල ගීයක් නිර්මාණය කර ගායනා කරන්නට යෙදුණෙත් ඒ සමයේමයි.

ලා සිලෝනියන්ස් ආරම්භ කරල තියෙන්නෙ 1963 දි. ඒ කණ්ඩායම මෙන්න මේ අයගෙන් සමන්විත වුණා.



නොයෙල් රණසිංහ
රංජිත් පෙරේරා
ජෝසප් මොරෙල්
ලෙස්ලි ගෝමස්
නිහාල් කුමාරපතිරණ
හේමන්ත මුතුකුඩ

මේ කණ්ඩායමේ විශේෂය වුණේ ඔවුනගේ ඇඳුම් විලාසිතාව. බතික් සරම, බතික් කමීසය හා පන් කොළ තොප්පිය, කණ්ඩායමට සිංහල බවක් ගේන්න ගත් උත්සාහයක්.

තමන්ගේම නිර්මායක් ඉදිරිපත් කළොත් ගුවන් විදුලියේ ඔවුනට අවස්ථාවක් ලබා දිය හැකිය යන පණිවිඩය ලද "ලා සිලෝනියන්ස්" ඒ ගැන උත්සුක වුණා. කණ්ඩායමේ නායක නොයෙල් රණසිංහ ඒ වනවිටත් නිර්මාණය කොට ගායනා කරමින් සිටි ඉංග්‍රීසි ගීයක් සිංහල පද යොදා ගායනා කරමින් ගුවන් විදුලියේ දොර විවර කරගන්නට ඔවුනට හැකිවුණා. 

එම ගීයේ එකල කරන ලද ගායනයක් සොයාගත නොහැකි වුණත්, පසු කාලයක නොයෙල් රණසිංහ කළ ගායනයක් මෙහි ඉදිරිපත් කරනවා.

එක්සත් වී භේද නසා
වගා කරව් දියුණුව උදෙසා

දෙවියන්ට යැදලා
කුඹුරටම බැසලා
හෙළ රකින ගොවියා
වපුරයි වී ඉසලා

මී බාන බැඳලා
ලියදි සිසාරා
වපුරයි වී ඉසලා
මතු දියුණ දැකලා

වක්කඩ ද බැඳලා
නිල් ගොයම රැකලා
සුරිඳුන්ට කියලා
සතුරන් ද මැඩලා

එක්සත් වී භේද නසා
වගා කරව් දියුණුව උදෙසා

දෙවියන්ට යැදලා
කුඹුරටම බැසලා
හෙළ රකින ගොවියා
වපුරයි වී ඉසලා

මී බාන බැඳලා
ලියදි සිසාරා
වපුරයි වී ඉසලා
මතු දියුණ දැකලා

වක්කඩ ද බැඳලා
නිල් ගොයම රැකලා
සුරිඳුන්ට කියලා
සතුරන් ද මැඩලා

එක්සත් වී භේද නසා
වගා කරව් දියුණුව උදෙසා

ගායනය - ලා සිලෝනියන්ස්
පද හා තනුව - ලා සිලෝනියන්ස්


මේ කාලයේම නොයෙල්, එවකට ගායන හැකියාවන් පෙන්වා තිබූ කෝට්ටේ තම ප්‍රදේශයේම තරුණයෙක් කණ්ඩායමට එකතු කර ගන්නවා. ඔහු තමයි පසු කලෙක සිංහල සංගීත ලෝලීන් විශේෂයෙන් තරුණ රසකාමින් කුල්මත් කළ ගායක මිල්ටන් මල්ලවාරච්චි.

1967 දී ගෞරී කෝපරේෂන් නිර්මාතෘ පැට්‍රික් පෙරේරා ගේ ඇරයුමෙන් ලා සිලෝනියන්ස් ඔවුන්ගේ ප්‍රථම EP තැටිය සඳහා ගීත හතරක් ගායනා කළා. ඒ ගී සඳහා මිල්ටන් මල්ලවාරච්චි ගායනයෙන් දායක වුණා පමණක් නොවෙයි, ඒ ගී වල ප්‍රමුඛ හඬ  ට පණ දුන්නෙ මිල්ටන්. (ගී තැටිය නිකුත් වූ වර්ෂය ලෙස සඳහන් වන්නෙ 1968)

පිලිප්ස් ලේබලයෙන් යුත් තැටියේ පහත ගී හතර අඩංගු වුණා.

1. දහදුක විඳලා
2. තරුණ ජීවිතේ අපේ
3. හෝයියා හෝයියා
4. හුදකලාව

දහදුක විඳලා දරු හදලා
කළ පවකුත් මට පලදීලා
නෙත් දෙක හොඳටම අන්ධ වෙලා
පෙර කරුමය අද උරුම වෙලා

දහදුක විඳලා දරු හදලා
කළ පවකුත් මට පලදීලා
නෙත් දෙක හොඳටම අන්ධ වෙලා
පෙර කරුමය අද උරුම වෙලා
පෙර කරුමය අද උරුම වෙලා

වතුපිටි ගෙය දොර "හැපී විලා"
නෑසියො මිතුරන් හැර දාලා
කිසිවෙකු නොමැතිව තනිවීලා
මහ මඟ යමි මම උමතු වෙලා
මහ මඟ යමි මම උමතු වෙලා

දහදුක විඳලා දරු හදලා
කළ පවකුත් මට පලදීලා
නෙත් දෙක හොඳටම අන්ධ වෙලා
පෙර කරුමය අද උරුම වෙලා
පෙර කරුමය අද උරුම වෙලා

උදය පිපුණ මල් පරවෙනවා
උපනොත් මරණය අත්වෙනවා
සැනසුම කොතනද නොදනිමි මා
මහ මඟ යමි මම උමතු වෙලා
මහ මඟ යමි මම උමතු වෙලා

දහදුක විඳලා දරු හදලා
කළ පවකුත් මට පලදීලා
නෙත් දෙක හොඳටම අන්ධ වෙලා
පෙර කරුමය අද උරුම වෙලා
පෙර කරුමය අද උරුම වෙලා

කරන කලට පව් මිහිරි වෙලා
විඳින කලට ගින්නෙන් දැවිලා
කරුමෙ ගෙවමි මහ මඟ බැලා
පෙර කරුමය අද උරුම වෙලා

දහදුක විඳලා දරු හදලා
කළ පවකුත් මට පලදීලා
නෙත් දෙක හොඳටම අන්ධ වෙලා
පෙර කරුමය අද උරුම වෙලා
පෙර කරුමය අද උරුම වෙලා
පෙර කරුමය අද උරුම වෙලා
පෙර කරුමය අද උරුම වෙලා

ගායනය - ලා සිලෝනියන්ස් කණ්ඩායම (මිල්ටන් මල්ලවාරච්චි)
පද හා තනුව - ලා සිලෝනියන්ස්




තරුණ ජීවිතේ අපේ විනෝදයෙන්
ගෙවන්න ඕන සතුරු නොවී සාමයෙන්
මිතුරු මිතුරියන් ලෙසේ අපී හොඳින් (ලල්ල ලල්ල ලල්ල ලල්ල ලල්ල ලා)
එන්න ප්‍රීතිවන්න සැවොම දැන් ඉතින් (ලල්ල ලල්ල ලල්ල ලල්ල ලල්ල ලා) ....//

සැලෙන මඳ පවන්
පිනවන්න සිත් සතන්
නුදුවන්න අප වෙතින්
තරහයි ගියොත් ඉතින් ....//
තරුණ ජීවිතේ අපේ විනෝදයෙන්
ගෙවන්න ඕන සතුරු නොවී සාමයෙන්
මිතුරු මිතුරියන් ලෙසේ අපී හොඳින් (ලල්ල ලල්ල ලල්ල ලල්ල ලල්ල ලා)
එන්න ප්‍රීතිවන්න සැවොම දැන් ඉතින් (ලල්ල ලල්ල ලල්ල ලල්ල ලල්ල ලා)

සුකුමලිය බොළඳය
තරුණ ලලන කොමලය
සිවුමැලිය සොඳුරුය
ඔය ගමන කදිමය ....//

තරුණ ජීවිතේ අපේ විනෝදයෙන්
ගෙවන්න ඕන සතුරු නොවී සාමයෙන්
මිතුරු මිතුරියන් ලෙසේ අපී හොඳින් (ලල්ල ලල්ල ලල්ල ලල්ල ලල්ල ලා)
එන්න ප්‍රීතිවන්න සැවොම දැන් ඉතින් (ලල්ල ලල්ල ලල්ල ලල්ල ලල්ල ලා) .....//

එන්න ප්‍රීතිවන්න සැවොම දැන් ඉතින් ///.

ගායනය - ලා සිලෝනියන්ස් 
පද හා තනුව - ලා සිලෝනියන්ස්





හොයියා හෝයියා
හොයියා හෝයියා
හොයියා හෝයියා
හොයියා හෝයියා

හෝයියා හෝයියා... අඅ ආඅආ... (හොයියා හෝයියා)
හෝයියා හෝයියා (හොයියා හෝයියා)
හෝයියා හෝයියා (හොයියා හෝයියා)

චන්ද්‍රයා අඳුරු අහසෙහී නැඟී (හොයියා හෝයියා)
සිසිල් සුළඟ අවට හමයි වේගෙනී (හොයියා හෝයියා) ...//

නංවා රුවල අපි සැමා
පදිමු පදිමු වෙරළ බල බලා ...//

හොයියා හෝයියා
හෝයියා හෝයියා
හෝයියා හෝයියා
හෝයියා හෝයියා

හෝයියා හෝයියා... අඅ ආඅආ... (හොයියා හෝයියා)
හෝයියා හෝයියා (හොයියා හෝයියා)
හෝයියා හෝයියා (හොයියා හෝයියා)

සමුදුරේ මසුන් බොහෝ ඇත දැලේ
සමගියේ බලේ අපෙ ජීවනේ බලේ ...//

රාත්‍රියේ
මේ ජලාශයේ
පැදපල්ලා පැදපල්ලා වෙරළ බල බලා

රාත්‍රියේ
මේ ජලාශයේ
පැදපල්ලා පැදපල්ලා වෙරළ බල බලා

හොයියා හෝයියා
හෝයියා හෝයියා
හෝයියා හෝයියා
හෝයියා හෝයියා

සමුදුරේ මසුන් බොහෝ ඇත දැලේ
සමගියේ බලේ අපෙ ජීවනේ බලේ ...//

රාත්‍රියේ
මේ ජලාශයේ
පැදපල්ලා පැදපල්ලා වෙරළ බල බලා

රාත්‍රියේ
මේ ජලාශයේ
පැදපල්ලා පැදපල්ලා වෙරළ බල බලා

නංවා රුවල අපි සැමා
පදිමු පදිමු වෙරළ බල බලා ...//

හොයියා හෝයියා 
හෝයියා හෝයියා (ආ..... ආ....
හෝයියා හෝයියා (හෝයියා හෝයියා ආ..... ආ....

හොයියා හෝයියා
හෝයියා හෝයියා
හෝයියා හෝයියා
හෝයියා හෝයියා
හොයියා හෝයියා
හොයියා හෝයියා

ගායනය - ලා සිලෝනියන්ස් 
පද හා තනුව - ලා සිලෝනියන්ස්


1968 වසරේදීම "ලා සිලෝනියන්ස්" ඔවුනගේ දෙවන EP තැටියත් නිකුත් කරනවා. මීළඟට මා ඉදිරිපත් කරන්නෙ එහි අඩංගු වූ ගී හතර.

1. රුවන්මලී
2. සුදු නංගී
3. නැළවිල්ල
4. විනෝද ගමන


ඉඳුනිල්  මිණි කැට පරදවන
ඇගෙ නෙත් යුවලින් කැළුම් විහිදුණ
සිහිනිඟ සුඟ ගත හැකි මිටින
තොල් නා දළු පරදවන
තොල් නා දළු පරදවන .....//

මාලීරුවන්මලී
මාලීරුවන්මලී
මාලීරුවන්මලී
මාලී ....//

කම්මුල් රත් පැහැයෙන් යුතුය
නිල්වන් වරලස සිත්කලුය
මුතු වන් දත් පෙළ හරි හැඩය
ඇගෙ රුව අමතක නොවෙයි මට
ඇගෙ රුව අමතක නොවෙයි මට

මාලීරුවන්මලී
මාලීරුවන්මලී
මාලීරුවන්මලී
මාලී ....//


ගායනය - ලා සිලෝනියන්ස්
පද, තනුව හා සංගීතය - ලා සිලෝනියන්ස්



පුංචි නංගි මාගේ හරිම ලස්සනයි
උදේ හවස මා බලන්න දුවගෙන එයි
සෙල්ලම් බත් උයලා මට ගෙනවිත් දෙයි
කතා අසන්නට මා එන මඟ බලා සිටී ...//

මගෙ සුදු නංගී මට හරිම ආදරෙයි //

ගීත ගයා සිනැහී සිනැහී
මියුරු වදන් පවසා මිහිරී ....//
මගෙ සුදු නංගී මට හරිම ආදරෙයි //

මගෙ සුදු නංගී මට හරිම ආදරෙයි //

ගීත ගයා සිනැහී සිනැහී
මියුරු වදන් පවසා මිහිරී ....//
මගෙ සුදු නංගී මට හරිම ආදරෙයි //

ගායනය - ලා සිලෝනියන්ස්
පද, තනුව හා සංගීතය - ලා සිලෝනියන්ස්

නැළවෙන්න නොහඬන්න චූටී පුතා
නිදියන්න සැනසෙන්න සුවය පතා ...//

දොයි දොයි දොයිය බබා
බයි බයි බයිය බබා ....//

පුද දෙන්න සුරිඳුන්ට තෙරුවන් පතා
පවසන්න බිළිඳාට ටිකිරී කතා .....//

දොයි දොයි දොයිය බබා
බයි බයි බයිය බබා ....//

ගායනය - ලා සිලෝනියන්ස්
පද, තනුව හා සංගීතය - ලා සිලෝනියන්ස්



නැළවෙන්න නොහඬන්න චූටී පුතා
නිදියන්න සැනසෙන්න සුවය පතා ...//

දොයි දොයි දොයිය බබා
බයි බයි බයිය බබා ....//

පුද දෙන්න සුරිඳුන්ට තෙරුවන් පතා
පවසන්න බිළිඳාට ටිකිරී කතා .....//

දොයි දොයි දොයිය බබා
බයි බයි බයිය බබා ....//

ගායනය - ලා සිලෝනියන්ස්
පද, තනුව හා සංගීතය - ලා සිලෝනියන්ස්




බලන්න දිවයින අපෙ කුඩා
නගින්න බස් රථයට සැමා
විනෝද ගමන යන්න එන්න එන්න හනික එන්න
පමාවුණොත් පසුතැවෙන්න වෙයි .....//

රස ගීත ගයමිනේ
සිරියාව බලමිනේ
අප යන්නෙ සතොසිනේ
ගමන් වෙහෙස නැතිවුණේ ....//

බලන්න දිවයින අපෙ කුඩා
නගින්න බස් රථයට සැමා
විනෝද ගමන යන්න එන්න එන්න හනික එන්න
පමාවුණොත් පසුතැවෙන්න වෙයි

ගාලු පුරය සිරි දැරූ
ළඳක් සේය පියකරු
ලන්දේසි ඉදිකෙරූ
බලකොටුව නම් දැරූ .....//

රුහුණු අභය භූමියේ
සතුන් නොයෙක් වර්ගයේ
රන හංසයින් දියේ
අපට බයේ පැනගියේ ....//

බලන්න දිවයින අපෙ කුඩා
නගින්න බස් රථයට සැමා
විනෝද ගමන යන්න එන්න එන්න හනික එන්න
පමාවුණොත් පසුතැවෙන්න වෙයි .....//

ලලල ලා...
ලලල ලා...
ලලල ලා...
ලලල ලා

ලලල ලා...
ලලල ලා...
ලලල ලා...
ලලල ලා

ගායනය - ලා සිලෝනියන්ස්
පද, තනුව හා සංගීතය - ලා සිලෝනියන්ස්





1969 දී නිකුත් කළ "All Time Hits of The La Ceylonians" EP තැටියට ඇතුළත් වූ ගීත සතර.

1. මේ රැයේ සෝබනා
2. හිරු නැගී එන උදයේ
3. කම්කරුවා (ජීවිතේ දුකින් තැවෙනවා)
4. සැඳෑ කුමාරි (සැන්දෑ වලා තුළින් බලා)

මේ රැයේ සෝබනා
මේ දියේ පාවෙනා
පදිමු අපි ඔරුවේ මා ප්‍රියේ
ගයා මෙම ගීතේ
මා ප්‍රියේ
ගයා මෙම ගීතේ ....//

අඹරේ දිලෙනා රන්තරූ
හිනැහී ඔබ හා රුසිරූ
චන්ද්‍රයා අහසේ පාවෙවී
රහසක් මට කියයි ළංවෙවී

හංසයින් නිල් දියේ
පීනමින් නිදහසේ

මා දෙසේ දැන් මා වෙතේ එනු
ජීවිතේ සැනසෙමූ .....//

මේ රැයේ සෝබනා
මේ දියේ පාවෙනා
පදිමු අපි ඔරුවේ මා ප්‍රියේ
ගයා මෙම ගීතේ
මා ප්‍රියේ
ගයා මෙම ගීතේ ....//

මා ප්‍රියේ
ගයා මෙම ගීතේ ....///.

ගායනය - ලා සිලෝනියන්ස්
පද, තනුව හා සංගීතය - ලා සිලෝනියන්ස්



හිරු නැගී එන උදයේ අප යන්නේ
සිතට මිහිරක් දෙන්නේ
ගීතමත්වේ
ශ්‍රීයමත් වේ මේ වාගේ ....//

මුහුදු වෙරළයි
හමන සුළඟයි
දර්ශනේ මේ අලංකාරයි ....//

ප්ර්ර්ර්ර්......

හිරු නැගී එන උදයේ අප යන්නේ
සිතට මිහිරක් දෙන්නේ
ගීතමත්වේ
ශ්‍රීයමත් වේ මේ වාගේ

ඝණ කඳු වැටියයි
නිල් දිය ඇල්ලයි
වලාකුළු පෙළ සිපගනියි ....//

ප්ර්ර්ර්ර්...... හා..

හිරු නැගී එන උදයේ අප යන්නේ
සිතට මිහිරක් දෙන්නේ
ගීතමත්වේ
ශ්‍රීයමත් වේ මේ වාගේ

මලින් බරවූ
සුවඳ නැහැවූ
මඟ දෙපස තුරුලිය අගෙයි ...//

ප්ර්ර්ර්ර්...... හා..

ගායනය - ලා සිලෝනියන්ස්
පද, තනුව හා සංගීතය - ලා සිලෝනියන්ස්

 



ජීවිතේ දුකින් තැවෙනවා
පෙර කළ පව් පලදෙනවා
උදේ හවස බැණුම් අසනවා
කුසගින්නෙන් දවස ගෙවෙනවා
කුසගින්නෙන් දවස ගෙවෙනවා

හිසේ තියන් බඩු ගෙනයන්නේ
ලොකු බර වැඩ අපෙන් කෙරෙන්නේ
එහෙත් අපට සැප නොලැබෙන්නේ
දෙවියන් හට ඇයි නොපෙනෙන්නේ

ජීවිතේ දුකින් තැවෙනවා
පෙර කළ පව් පලදෙනවා
උදේ හවස බැණුම් අසනවා
කුසගින්නෙන් දවස ගෙවෙනවා
කුසගින්නෙන් දවස ගෙවෙනවා

බර උසුලා දෑත රිදෙනවා
කුසගින්න නිසා එය ඉවසනවා
දරුවො ගෙදර දුකින් තැවෙනවා
සැපත සොයා අප වෙහෙසෙනවා

ජීවිතේ දුකින් තැවෙනවා
පෙර කළ පව් පලදෙනවා
උදේ හවස බැණුම් අසනවා
කුසගින්නෙන් දවස ගෙවෙනවා
කුසගින්නෙන් දවස ගෙවෙනවා
කුසගින්නෙන් දවස ගෙවෙනවා
කුසගින්නෙන් දවස ගෙවෙනවා

ගායනය - ලා සිලෝනියන්ස්
පද, තනුව හා සංගීතය - ලා සිලෝනියන්ස්

 



සැන්දෑ වලා තුළින් බලා වරෙන් ඇදී අපේ දිහා
රිදී වලා මැදින් වහා ඇදී ඇදී වරෙන් බලා ....//

මිහිර මවා අපේ ජීවිතේ
අඳුර මකා දෙයි ආලෝකේ

හද පාළුව අප නැතිවෙයි ඔබ දුටු විට සඳ කුමරී
කුමුදු කුසුම් පිපිලා
විල මත පාවීලා
ඔබ එන කල හිනැහීලා
පිළිගන්නට සැරසීලා

සැන්දෑ වලා තුළින් බලා වරෙන් ඇදී අපේ දිහා
රිදී වලා මැදින් වහා ඇදී ඇදී වරෙන් බලා ....//

ගං ඉවුරට වීලා
රෑ අහස බලාලා
ඔබ එනතුරු අප ඉන්නම්
තරු වැල් අග සරසන්නම්
මල් මාලා පළඳන්නම්
ඔබෙ මුව සිප සනසන්නම්

සැන්දෑ වලා තුළින් බලා වරෙන් ඇදී අපේ දිහා
රිදී වලා මැදින් වහා ඇදී ඇදී වරෙන් බලා ....//

ගායනය - ලා සිලෝනියන්ස්
පද, තනුව හා සංගීතය - ලා සිලෝනියන්ස්





ලා සිලෝනියන්ස් කණ්ඩායම ගැයූ ගී සියල්ලම වාගේ ඔවුන්ම තනුව නිර්මාණය කර, ඔවුන්ම පද රචනය කළ ගී.



මෙතෙක් මා ඔබට ගී 11 ක් පදමාලා සමගින් ඉදිරිපත් කළා.



මුල් කාලයේ බිහිවූ කණ්ඩායම් ගී සැලකූවිට දකින්න ලැබෙන පොදු ලක්ෂණ මේ ගී වලත් එහෙමම තියෙනවා.



බොහෝ ගී වල දකින්න ලැබෙනවා තනුවක් හදලා, ඒකට මොනවා හෝ වචන ටිකක් ඔබ්බවා ලූ ස්වභාවයක්.



ලා සිලෝනියන්ස් කණ්ඩායමේ ගී රැසක් මා ළඟ ඇතත්, ඒ බොහොමයක් භාගෙට පද රචනය කළ ඒවා. සමහර ගී වල කියන්න හදන දේ හා යොදා ඇති පද ගැලපෙන්නේ නෑ. ඒ නිසා ඒ සියල්ල මා මෙහි ඉදිරිපත් කරන්නේ නැහැ. ඔබට පුළුවනි අවශ්‍ය නම් "මියුරු ගී" අඩවියෙන් ඒ ගී අහන්න.

තෝරා ගත් ගී කිහිපයක් පමණක් ඉදිරිපත් කරනවා.



බොරූ කියන්න එපා
ලැබේවි අකුසලා
නිරේ ලැබේ විපා
නොවෙයි එයින් සැපා

එපා එපා එපා
කියන්න එපා .....///
බොරූ කියන්න එපා

ළමෝ කුඩා කලේ
කෙළීදෙලෙන් වෙසේ
කියයි බොරූ තොසේ
නොදැනී විපා පවේ

එපා එපා එපා
කියන්න එපා .....///
බොරූ කියන්න එපා

බොරූ කියන්න එපා
ලැබේවි අකුසලා
නිරේ ලැබේ විපා
නොවෙයි එයින් සැපා

එපා එපා එපා
කියන්න එපා .....///
බොරූ කියන්න එපා ////.

ගායනය - ලා සිලෝනියන්ස්
පද හා තනුව - ලා සිලෝනියන්ස්



ලෝ බොහෝ ර(ට්)ටවලින් වෙහෙසවී ඇවිල්ලා
දිවයිනේ මෙ අප ගොඩබසින මේ සියල්ලා

අරලියා මල් ගෙනල්ලා
සුදු මල්දමින් සරාලා
පිළිගන්න සාදරෙන් මෙ අප සැවොම ආවා ....//

උඩරට ක(න්)ඳුකරයේ සිරියාව නරඹන්න
පෙරාදෙණියේ මල් උයන බලා
කජු කෙල්ලන්නේ ලස්සන බ(ට්)ටලීයේ
සුරතල් වදනින් සැනසෙන්නේ

ඔබ සියලු දෙනම අප කින දේ අහන්න
විනෝද සුවය මේ ඉතා ප්‍රීතියෙන් ලබන්න

විවේක සුවය ලබා ගන්න
කාලය අප දිවයිනේ ගෙවන්න
සිත් වේවී ඔබට අප දිවයිනේම ඉන්න ....//

උඩරට ක(න්)ඳුකරයේ සිරියාව නරඹන්න
පෙරාදෙණියේ මල් උයන බලා
කජු කෙල්ලන්නේ ලස්සන බ(ට්)ටලීයේ
සුරතල් වදනින් සැනසෙන්නේ

ඔබ සියලු දෙනම අප කින දේ අහන්න
විනෝද සුවය මේ ඉතා ප්‍රීතියෙන් ලබන්න

විවේක සුවය ලබා ගන්න
කාලය අප දිවයිනේ ගෙවන්න
සිත් වේවී ඔබට අප දිවයිනේම ඉන්න ....//
සිත් වේවී ඔබට අප දිවයිනේම ඉන්න
සිත් වේවී ඔබට අප දිවයිනේම ඉන්න

ගායනය - ලා සිලෝනියන්ස්
පද හා තනුව - ලා සිලෝනියන්ස්





Lanka in the sun
Love her everyone
Underneath the clear blue sky
This is my paradise ....//

So beautiful
So wonderful
Sri Lanka paradise ......//

Lanka in the sun
Love her everyone
Underneath the clear blue sky
This is my paradise

So lovable
So hospitable
Sri Lanka paradise

Pearl of the East
splendent Isle
Sri Lanka paradise

Lanka in the sun
Love her everyone
Underneath the clear blue sky
This is my paradise
Sri Lanka paradise /////.
 
ගායනය - ලා සිලෝනියන්ස්
පද හා තනුව - ලා සිලෝනියන්ස්


ඉහත ඉංග්‍රීසි ගීයේ තනුව හා පහත සිංහල ගීයේ තනුව සසඳන්න.

හිරු පායලා
දැන් එළිවෙලා
නිල් අහසේ
කුරුල්ලො පියඹනවා

පිච්ච රෝස මල්
පිබිදෙනවා
නව උදෑසනක්
ඇත උදාවෙලා

කුඹුරේ කරල් පෙනෙනවා
ගැමිලියන් දිය ගේන්නට යනවා
ගොවියෝ නව කුඹුර බලනවා
කුරුලන් කෑම සොයා යනවා

පෙර ලෙසින් හෙටත්
හිරු පායයි දෝ
පායන හිරු ගම පුබුදයි දෝ
අද මැලවුණු මල් හෙට පිපේවි දෝ
සැමදාම උදෙන් ඔබ සිහිවෙයි දෝ

කුඹුරේ කරල් පෙනෙනවා
ගැමිලියන් දිය ගේන්නට යනවා
ගොවියෝ නව කුඹුර බලනවා
කුරුලන් කෑම සොයා යනවා



ගායනය - ලා සිලෝනියන්ස්
පද හා තනුව - ලා සිලෝනියන්ස්


ලා සිලෝනියන්ස් ගයන පහත ඉදිරිපත් කරන ගීය ගැන යමක් සඳහන් කරන්න කැමතියි. රට ගැන ගීයකින් ගයනවා නම්, ඒ තුළින් රට අසන්නාගේ ආදරයට, ගෞරවයට සහ අභිමානයට ලක් විය යුතු නේද? මේ ගීයේ තැනක කියනවා පෙර කළ දූෂණ අතහැර කියලා. දූෂණ වල නියුතු වූවෝ ඉන්නවා තදයි. හිටියා තමයි. ඒත් මේ ගීයේ කියන විදියට මුලු මහත් ලක් වැසියන් සියල්ලෝ පෙර දූෂණ වලම යෙදී සිටියහ යන අරුත.ක් ගම්‍ය වෙනවා. රට ගැන ආඩම්බරයෙන් එහෙම කියන්න බැහැනෙ. (මෙතන නොයෙල් අදහස් කරන්නට ඇත්තෙ පෙර අප අතින් වැරදි වූවා නම්.. යන අදහස වෙන්න ඇති. )
ඒ නිසා මේ ගීය ඇහුවට, මේක මෙතනින් එහාට ප්‍රවර්ධනය කරන්න එපා. සමස්ත ජාතිය දූෂිත නැහැනෙ ...?

(මම මෙය දක්වාලූයේ මේ වැනි මොනවා හරි වචන ටිකක් ඔබ්බවලා නිර්මානය වූ ගී රැසක්, සිංහල ගී අතර පවතින බව පෙන්වා දෙන්නයි. සිංහල ගී පද රචනය, එහි අතීතය හා විකසනය ගැන වෙනම ලිපියකින් කතා කරමු.)

ලංකා අප රට නේද
සිත්කලු මව් බිම මේක
ඒ අප සැම දෙන දියුණු කරන්නට
ජීවිත පුදකරමූ .....//

ලංකා
ලංකා
ලංකා
ශ්‍රී ලංකා

දුප්පත් පොහොසත් සෑම සැමදෙන අත්වැල් බැඳගෙන මේ
පෙර කළ දූෂණ අතහැර දමමින් ජීවිත නව කරමූ //

ලංකා
ලංකා
ලංකා
ශ්‍රී ලංකා

ලංකා අප රට නේද
සිත්කලු මව් බිම මේක
ඒ අප සැම දෙන දියුණු කරන්නට
ජීවිත පුදකරමූ

ලංකා
ලංකා
ලංකා
ශ්‍රී ලංකා

ජාතිය ආගම් භේද ද දුරහැර සාමය රැකගෙන මේ
පිහිටක් කාටත් ලෝකෙ සැමටම දීමට අප සැරසේ //

ලංකා
ලංකා
ලංකා
ශ්‍රී ලංකා .......////.

ගායනය - ලා සිලෝනියන්ස්
පද හා තනුව - ලා සිලෝනියන්ස්


නෙවිල් ප්‍රනාන්දුගෙන් තොරව ලොස් කබෙයියෙරෝස් නැතිවා සේම, නොයෙල් රණසිංහගෙන් තොර ලා සිලෝනියන්ස් ලා ද නැත.

කැලිප්සෝ රජු ලෙස විටක හඳුන්වා දෙනු ලැබූ ඔහු 2013 වසරේ පැවති රාජ්‍ය සංගීත සම්මාන උළෙලේදී, කැලිප්සෝ සංගීතයට කළ මෙහෙය වෙනුවෙන්, විශේෂ සම්මානයකින් පුද ලැබීය.

2015 ජූනි 12 වැනිදා ඔහු දිවියෙන් සමුගත්තේය.



No comments: