සිංහල නාඩගම් ආරම්භවූයේ පිලිප්පු සිඤ්ඤෝගෙන් යැයි පැවසේ. ඔහුගේ පියා ජාන්වි සිඤ්ඤෝ නම් වඩු කාර්මික ශිල්පියෙකි. කොළඹ පදිංචිව සිටි ඔහු පසුව හඟුරන්කෙත පදිංචියට ගොස් ඇත.
ලංකාවේ අන්තිම සිංහල රජු යැයි සැලකෙන ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ විවාහ වන්නේ දකුණු ඉන්දියානු කුමාරිකාවක් සමග වන අතර, ඇය ලංකාවට පැමිණෙද්දී ඈ සමග ආ පිරිස අතර අලගනායිදු නම් සංගීත ශිල්පියෙක් වූයේය. ඔහු නාඩගම් කලාවේ විශිෂ්ඨයෙකු ලෙස ගැණේ. රාජාධිරාජසිංහ රජු සමයේ මිය ගිය බව ද සඳහන්වේ.
අලගනායිදු හඟුරන්කෙත රජ මාලිගාවේ ඔහුගේ පිරිස සමග කළ නාඩගම් හරඹ දර්ශනය කිරීමට ජාන්වි සිඤ්ඤෝට අවස්ථාව උදාවූ බවත් මේ නාඩගම් කෙරෙහි ඔහු තදින් ඇලී යාම හේතුවෙන් පසුව අලගනායිදුගෙන් නාඩගම් කලාව උගත් බවත් සඳහන්වේ. (රාජාධි රාජසිංහ ගේ රාජ්‍ය කාලය 1782 සිට 1798 වේ)
එවකට දස අවුරුදු වියේ සිටි පිලිප්පු සිඤ්ඤෝ ට අලගනායිදු ගේ හරඹ ඇසුරු කරන්නට ලැබුණාදැයි නොදන්නා මුත්, තම පියාගෙන් නාඩගම් සම්බන්ධ දැණුම ඔහුට ලැබුණ බවට නම් සැක නැත. පිලිප්පු සිඤ්ඤෝ තම සිත උපන් චිත්ත කල්පනා අඟුරු කැබලි වලින් කම්මලේ බිත්ති වල ද ලියූ බවක් මා කියවා තිබේ. එසේ පියාගෙන් ලද ආභාශයෙන් පිලිප්පු සිඤ්ඤෝ සිංහල නාඩගම් ලියන්නට පෙළඹුණු බව පැහැදිලියි.
එසේ ලියැවුණු නාඩගම් ගී අතර නාඩගමකට අයත් නොවන ගීයකි ඔබ වෙත ඉදිරිපත් කරන්නේ. (මෙය 1870 දී පමණ රචිත එකක් ලෙස මහාචාර්ය සුනිල් ආරියරත්නයන් එතුමන් විසින් 2005 වසරේදී සම්පාදනය කරන්නට යෙදුණු නූතන ගේය කාව්‍ය සංහිතා කෘතියෙහි දක්වා තිබේ.)
මේ ගීය බස්‌නාහිර පළාතේ හිටපු නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්‍ෂිකා (සංගීත) විශාරද චන්ද්‍රා රණතුංග මහත්මිය විසින් ගායනා කොට තිබේ. එහෙත් එහි ගැයෙන්නේ ඉතාම සුළු කොටසකි. එහි ද බොහෝ අඩුපාඩු තිබේ.
මහැදුරු සුනිල් ආරියරත්නයන් විසින් 2005 වසරේදී සම්පාධිත නූතන ගේය කාව්‍ය සංහිතා කෘතියෙහි මෙම ගීයේ පද රචනය ඇතුළත් කර තිබේ. එතුමා විශාල පරිශ්‍රමයකින් එකී කෘති කරන්නේ මනාවූ අධ්‍යනයකිනි.
විශාරද චන්ද්‍රා රණතුංග මහත්මිය පෙර සඳහන් කළ ගායනය කරන්නේ නූතන ගේය කාව්‍ය සංහිතා කෘතිය එළි දකින්නට බොහෝ කලකට පෙරයි. ඇයට ගීයේ වත ගොත, මූලාශ්‍ර මුළුමණින් ඇසුරු කරන්නට නොලැබුණ බවක් පෙනී යයි.
කෙසේ නමුත් ඇගේ ගවේෂණ කාර්යය ඉතා අගය කළ යුතුවේ.
ගීය මුළුමණින්ම ගැයෙන නන්දා මාලිනිය සමගින් සුනිල් එදිරිසිංහයන්ගේ ගායනය පළමුව ඉදිරිපත් කරමි.
නිමල මෝක්ෂ ප්‍රකාශ ත්‍රෛලෝක්‍ය බබුළුවා බුදු ඒ සුගතීන්ද්‍ර
ප්‍රබල සතුරු මාර ප්‍රාක්‍රම
ප්‍රබල සතුරු මාර ප්‍රාක්‍රම ජයගත් ඒ බල සමීන්ද්‍ර
ජයගත් ඒ බල සමීන්ද්‍ර
සතුරු මාර සෙනඟට කිපි හෙණ හඬ ගුගුරණ විලසට
ගිනිජල් මාලා සහශ්‍ර හරිමින් කට හැර ගොරවන
ගිනිජල් මාලා සහශ්‍ර හරිමින් කට හැර ගොරවන
ආර වීර දස බිම්බර සේනාවේ භයංකාර
කෲර දරණ විප්‍රකාර
කෲර දරණ විප්‍රකාර නන් නන් වෙස් ගෙන විලාස
නන් නන් වෙස් ගෙන විලාස
දාර පිඹුරු නයි පොළොංගු දරණ වෙලා පටලාගෙන
ඇතා පිටින් වැටුණයි මහ අධිපති මාරයා දෙරණ
ඇතා පිටින් වැටුණයි මහ අධිපති මාරයා දෙරණ
ගජතුන් වග වලසුන් සිංහ කෙසරුන් කොටි ගෝණ මුව ද
මෙකී නොයෙක් විකාර වෙස්
මෙකී නොයෙක් විකාර වෙස් මේඝ ගර්ජනා කරමින
මේඝ ගර්ජනා කරමින
තුන් ලෝ ගුරු මහ මුනිඳුගෙ මෛභ්‍රී ක්ලේශ දා හැරියෙය
ඒ බලයෙන් මාර සෙනග දෙරණත වැටිලා අළු විය
ඒ බලයෙන් මාර සෙනග දෙරණත වැටිලා අළු විය
ආර බලැති මාර උන්නැහෙ බෝම වික්‍රම ඇති ඒ උන්නැහෙ
ගිරිමේඛල හස්තිරාජ
ගිරිමේඛල හස්තිරාජ පිට පැන නැඟි මාර උන්නැහෙ
පිට පැන නැඟි මාර උන්නැහෙ
අහස පොළව ගුගුරුවමින් එකෙකුගෙ වෙස් එකෙක් නොගෙන
සිටි සිටි තැන උඩුකුරුවෙන් දෙරණත වැටිලා අළු විය
සිටි සිටි තැන උඩුකුරුවෙන් දෙරණත වැටිලා අළු විය
ගායනය - සුනිල් එදිරිසිංහ සමග නන්දා මාලිනී
පද - පිලිප්පු සිඤ්ඤෝ ගේ යැයි විශ්වාස කෙරේ.
මෙය නාඩගමක් සඳහා නිර්මිත ගීයක් නොවේ.
විශාරද චන්ද්‍රා රණතුංග මහත්මිය ගායනා කළ ගීය
නිමල මෝක්ෂ ප්‍රකාශ ත්‍රෛලෝක්‍ය බබුළුවා බුදු ඒ සුගතීන්ද්‍ර //
ප්‍රබල සතුරු මර ප්‍රාක්‍රම //
ජයගත් ඒ බල සමීන්ද්‍ර //
සතුරු මාර සෙනඟට කිපි දහස් ගණන් හෙණ හඬ ගුගුරණ විලසට //
ඇතා පිටින් වැටුණයි මහ අධිපති මාරයා දෙරණ //
නිමල මෝක්ෂ ප්‍රකාශ ත්‍රෛලෝක්‍ය බබුළුවා බුදු ඒ සුගතීන්ද්‍ර //
නිමල මෝක්ෂ ප්‍රකාශ ත්‍රෛලෝක්‍ය බබුළුවා බුදු ඒ සුගතීන්ද්‍ර //
ප්‍රබල සතුරු මර ප්‍රාක්‍රම //
ජයගත් ඒ බල සමීන්ද්‍ර //
සතුරු මාර සෙනඟට කිපි දහස් ගණන් හෙණ හඬ ගුගුරණ විලසට //
ඇතා පිටින් වැටුණයි මහ අධිපති මාරයා දෙරණ //
නිමල මෝක්ෂ ප්‍රකාශ ත්‍රෛලෝක්‍ය බබුළුවා බුදු ඒ සුගතීන්ද්‍ර
ප්‍රබල සතුරු මර ප්‍රාක්‍රම //
ජයගත් ඒ බල සමීන්ද්‍ර //
සතුරු මාර සෙනඟට කිපි දහස් ගණන් හෙණ හඬ ගුගුරණ විලසට //
ඇතා පිටින් වැටුණයි මහ අධිපති මාරයා දෙරණ //
නිමල මෝක්ෂ ප්‍රකාශ ත්‍රෛලෝක්‍ය බබුළුවා බුදු ඒ සුගතීන්ද්‍ර //
No comments:
Post a Comment