Tuesday, July 30, 2019

නඟේ නඟේ වැහි එනවා

නඟේ නඟේ වැහි එනවා පැලට වරෙන්නේ
අකලට ආ වැහි කෝඩෙට මොටද තෙමෙන්නේ
වැහි බීරම හීන් පොදයි ඇඟේ වදින්නේ
මහ වැස්සට ගෙට වෙන්නයි හනික දුවන්නේ ...//

ගෙදර අයත් ගමේ ගිහිං පාළු දැනෙන්නේ
වැස්ස තුරල් වෙනතුරු ටිකකට නවතින්නේ
කිරට හඬන බිළිඳු පුතා ඇති සාගින්නේ
පමා නොවී මම යන්නම් තරහ නොඟන්නේ ...//

නඟේ නඟේ වැහි එනවා පැලට වරෙන්නේ
අකලට ආ වැහි කෝඩෙට මොටද තෙමෙන්නේ
වැහි බීරම හීන් පොදයි ඇඟේ වදින්නේ
මහ වැස්සට ගෙට වෙන්නයි හනික දුවන්නේ...//

ගෙදර අයත් ගමේ ගිහිං පාළු දැනෙන්නේ
වැස්ස තුරල් වෙනතුරු ටිකකට නවතින්නේ
කිරට හඬන බිළිඳු පුතා ඇති සාගින්නේ
පමා නොවී මම යන්නම් තරහ නොඟන්නේ ...//

නඟේ නඟේ වැහි එනවා පැලට වරෙන්නේ
අකලට ආ වැහි කෝඩෙට මොටද තෙමෙන්නේ
වැහි බීරම හීන් පොදයි ඇඟේ වදින්නේ
මහ වැස්සට ගෙට වෙන්නයි හනික දුවන්නේ...//

ගායනය - නීලා වික්‍රමසිංහ සමග ආචාර්ය වික්ටර් රත්නායක
පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව

No comments: