Friday, August 2, 2019

මට නොපෙන්වා

මට නොපෙන්වා
සිටිනා නුඹේ ආදරේ
මට දැනෙන දා
ඉහ මත සියක් මල් පිපේ ...//
මට නොපෙන්වා

පායන හිරු ලෙස ලොව පොබ කර හැම උදයක් ගාණේ
මා හද අඳුරට නුඹෙ සෙනෙහස අරුණැල්ලක් වේවී ...//

මට නොපෙන්වා
සිටිනා නුඹේ ආදරේ
මට දැනෙන දා
ඉහ මත සියක් මල් පිපේ
මට නොපෙන්වා

දාහය නිව නිව සිත ගිමනට පවනැල්ලක් වාගේ
මා හද කුටියට ගෙවදිනු මැන සරසා සිත මාගේ ....//

මට නොපෙන්වා
සිටිනා නුඹේ ආදරේ
මට දැනෙන දා
ඉහ මත සියක් මල් පිපේ
මට නොපෙන්වා

ගායනය - නීලා වික්‍රමසිංහ
පද - ආනන්ද හේවාරංහිඳගේ
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

No comments: