Tuesday, September 24, 2019

බෝධිය හෙවණක


බෝධිය හෙවණක ළා දළු පිස එන
මඳ පවනක් සේ ඔබ මට සිසිලයි
මල් ආසනයක
මල් සුවඳක් සේ
සුවඳයි
ඔබ මට සුවඳයි

මුවරද සැඟවුණ පවන් රොදකි ඔබ
තරුවකි රෑ ඝණ අඳුරේ
පවනින'ඹල කළ කියඹු වැලකි ඔබ
විරහිනියක පටු නළලේ
ශරත් නිසශාවක සඳ රැහනකි ඔබ
මුදුවකි විල්ලුද සුමගේ
විදසුන් වඩනට බවුන් ලෙනකි ඔබ
තනිවූ මට දිවි ගමනේ

තමරැස ගිලගත් හිරු මඬලකි ඔබ
ඉකිබිඳ හඬනා ගුවනේ
ප්‍රමුදිත වී දිසි මුත් ගත නොහෙනා
පියුමකි නිල් විල් තලයේ
සෙනෙහස හමුවේ ඔබ මට කඳුළකි
සිරවුණු නයනග පොකුණේ
හිමිකර ගන්නට බැරි ලෙස සැඟවුණු
මුතුවකි දළනිඳු පතුළේ
මුතුවකි දළනිඳු පතුළේ

ගායනය - නන්දා මාලිනී
පද - ප්‍රියානන්ද විජේසුන්දර
තනුව - සේන වීරසේකර


Bodhiya Hewanaka -  Nanda Malini

No comments: