Friday, October 11, 2019

පණ තියෙන තුරා කීවත්


පණ තියෙන තුරා කීවත්
නැහැ ඉවර වෙන්නෙ කවදත්
මගෙ හිතේ
නුඹ කෙරේ ඇති
ප්‍රේමණීය හැඟුමන් ....//

දිය කඳුරු පවා වැසි නැති දා ගොළුවී යාවී //
වන නිල්ල පවා සැඩ නියඟේ සැඟවී යාවී

පණ තියෙන තුරා කීවත්
නැහැ ඉවර වෙන්නෙ කවදත්
මගෙ හිතේ
නුඹ කෙරේ ඇති
ප්‍රේමණීය හැඟුමන්

පුර හඳට වඩා සිහිල දෙයක් ඇත්නම් ලෝකේ //
ඒ නුඹෙ හිතමයි හැඬවූවද කවුරුන් කෙලෙසේ

පණ තියෙන තුරා කීවත්
නැහැ ඉවර වෙන්නෙ කවදත්
මගෙ හිතේ
නුඹ කෙරේ ඇති
ප්‍රේමණීය හැඟුමන්

ගායනය - අතුල අධිකාරි
පද - ආනන්ද හේවාරංහිඳගේ
තනුව - සමන්ත පෙරේරා 

   

චිත්‍රය අයිරින් ෂෙරී ගේ නිර්මාණයකි.
Pana Thiyena Thura Keewath - Athula Adikari

No comments: