Sunday, April 11, 2021

සූර්ය මංගල්‍යයේ ගී 1

මාර්තු 21 සිට ජූනි 20 දින දක්වා වූ (මාස තුනක) කාලය වසන්ත සෘතුව ට අයත්වේ. ගහ වැල මලින්, ඵල බරින් පිරී යන්නේ මේ කාලයේදියි. 

වසන්තයේ අපේ මහා සැණකෙළිය සූර්ය මංගල්‍යයි. සිංහල හා හින්දු අළුත් අවුරුද්ද ලෙස සමරණ මේ උත්සව සමය, නෑදෑකම්, යාළු මිත්‍රකම් තහවුරු වන, ඒ බැඳීම් අළුත් වන කාලයයි. මේ සූර්ය මංගල්‍යයේ චාරිත්‍ර අපේ ජන ජීවිතය හා බද්ධව පවතින්නේ බොහෝ කාලයක සිටයි. කොහෙන් ආවත් කොහෙන් ගත්තත්, මේ අසිරිමත් උත්සවය අප රටේ ජනතාව පේවී සමරණ, හෙළ සංස්කෘතියේ ශ්‍රීය විදහාපාන සැණකෙළි සමයකි. නැටුම්, ගැයුම්, වැයුම් හා ක්‍රීඩා වලින් සපිරි මේ උත්සවය හා බැඳී පැවත ආ සංස්කෘතික අංගයන් ගැන හැමගේ සිත් සෝදිසියෙනි. අන්න ඒ සෝදිසියට අත්වැලකි, මේ ඔබ වෙත ගෙන එන්නේ.

සූර්ය මංගල්‍යයේ අවුරුදු ගී ගොන්න .....

අවුරුදු උත්සවය පැවැත්වෙන්නේ සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට පැමිණීම යන කාරණය නිමිති කර ගෙනයි. එම අවස්ථාව බොහෝ විට, අප්‍රේල් මස 13 හෝ 14 දිනයන්හිදී යෙදේ. 

එහෙත් සූර්ය මංගල්‍යය ඇරඹෙන්නේ වසන්තයේ උදාවත් සමගයි. 

මහ කන්නයේ ගොයම සාර වෙද්දි සිත් මල් පොපියන විලාසය, ළඟාවන වසන්තයේ කල දවස ගැන ඉඟි කරනවා.

වී මල් පබා

වෙළ ළඟ නල සමග තුටින
රණට දිළෙන
දමක ලෙසින
තුරුණු වියට උරුම කියන මල් පබා
වී මල් පබා...
වී මල් පබා...

හ්.. හෝ.....
එකිනෙක ගෙන
තාලයකට
රන් නටුවක
අමුණාගෙන (ආ අඅ ආ අඅ ආ අඅ ආ...)

එකිනෙක ගෙන
තාලයකට
රන් නටුවක
අමුණාගෙන (ආ අඅ ආ අඅ ආ අඅ ආ...)

එකිනෙක ගෙන
තාලයකට
රන් නටුවක
අමුණාගෙන
මිහිකත හිස මත ඇති කෙස
සුළං සැරෙන් පීරාගෙන
සුළං සැරෙන් පීරාගෙන
මල් පබා...
වී මල් පබා...
වී මල් පබා...

වප් මඟුලට බුද්ධ බෝග
හැම අටු කොටු පිරීයන් (හැම අටු කොටු පිරීයන්)
(ආ අඅ ආ අඅ ආ අඅ ආ...)
වසන්තයට ගී ගයන්න
වසන්තයට ගී ගයන්න
කොවුල් රැලට අඬ ගහන්න
කොවුල් රැලට අඬ ගහන්න
මල් පබා...
වී මල් පබා...
වී මල් පබා...

වෙළ ළඟ නල සමග තුටින
රණට දිළෙන
දමක ලෙසින
තුරුණු වියට උරුම කියන මල් පබා
වී මල් පබා...
වී මල් පබා...

වී මල් පබා...

වී මල් පබා... ////

ගායනය: සේනානායක වේරලියද්ද
පද- ශාන්ත දේශබන්දු
තනුව - සේනානායක වේරලියද්ද


හ කන්නය ගෙවී යන ස්වභාවය මත එළඹෙන වසන්තය හැඩ වැඩ වන්නේ කෙලෙසින්ද යන සිතුවිලිත් ගොවි සිත් වල පූදින්න පටන් ගන්නවා. 

කිරි වදිනා ගොයම බලා

කිරි වදිනා ගොයම බලා සිත සොඳිනා නැගෙන මනා 
හිරු කුමරා තුටු වඩනා පෙර දිගිනා වඩිනු මැනා

කිරි වාදිනා ගොයම බලා සිත සොඳිනා නැගෙන මනා 
හිරු කුමරා තුටු වඩනා පෙර දිගිනා වඩිනු මැනා

හෝ ඔඔඔ ඕ...
හෝ ඔඔඔ ඕ...

අපල සපල සමෝසමව දියුණු පවුණු වී, නැගෙන 
සා ගිනි නැති සෝ දුක් නැති ලොවකට රන් සෙමෙර සලා

අපල සපල සමෝසමව දියුණු පවුණු වී, නැගෙන (අම්මපල්ලා පෙර වුන්ට වෙන.....
සා ගිනි නැති සෝ දුක් නැති ලොවකට රන් සෙමෙර සලා (වැඩක් නැතී ...
අපල සපල සමෝසමව දියුණු පවුණු වී, නැගෙන (කිරි වදිනා ... ගොයමට උන් ..
සා ගිනි නැති සෝ දුක් නැති ලොවකට රන් සෙමෙර සලා (බැල්ම ලතී ...
(අම්මපල්ලා පෙර වුන්ට වෙන වැඩක් නැති කිරි වදිනා ගොයමට උන් බැල්ම ලතී - අපල සපල සමෝසමව ... සමග සම්පාතව ගැයේ )

දොළොස් මහෙන් දොළොස් මහට යන ගමනින් සෙතක් වේද 
පරණ පුරුදු අතැර දමා උතුම් මිනිස් ගති ගෙනේ........ (අඅඅ අඅඅ ආ...
උනුන් නසන අවි බිම දා දිවි අගනා බව දැනේද 
මිනිස් කුලේ උපන් සැවොම කුල සිරිතට ගරු කෙරේ..... (අ'අ'අ' අ'අ'අ' අ'අ'අ' අ'...

කිරි වාදිනා ගොයම බලා සිත සොඳිනා නැගෙන මනා 
හිරු කුමරා තුටු වඩනා පෙර දිගිනා වඩිනු මැනා
කිරි වාදිනා ගොයම
කිරි වාදිනා ගොයම බලා සිත සොඳිනා නැගෙන මනා 
හිරු කුමරා
හිරු කුමරා තුටු වඩනා පෙර දිගිනා වඩිනු මැනා
හෝ ඔඔඔ ඕ...
හෝ ඔඔඔ ඕ...
හෝ ඔඔඔ ඕ...
හෝ ඔඔඔ ඕ...
හෝ ඔඔඔ ඕ...
හෝ ඔඔඔ ඕ...

ගායනය - සහන් රන්වල සමග රන්ව බලකාය (වීඩියෝවේ අයිතිය "චරණ" නාලිකාව සතුයි)


හ කන්නයේ නිමාව සනිටුහන් වන්නේ ගොවින්ගේ අස්වනු වලින් අටු කොටු පිරී යමින් නම්, මෙදා සැරේ වසන්තයේ ප්‍රීති ප්‍රමෝධය ඉතිරිලා යනවා නියතයි. අස්වැන්නේ නොඉඳුල් පංගුවක් අළුත් සහල් මංගල්‍යය වෙනුවෙන් වෙන් කිරීම එදා භක්තියෙන් කළ දෙයක්. අද කාලයේ වැඩි බරක් තබා නොමැති වුවත්, අළුත් සහල් මංගල්‍යය සැමරීම පුරාතනයේ සිට පැවතෙන සංස්කෘතික අංගයක්. මේ කර්තව්‍යය එක් එක් පළාත් වල විවිධ අන්දමින් පැවැත්වෙනවා.

වසන්තය උදාවූ බව කියා පාන සංඥා අතර, කොහා ගේ නාදය හා එරබදු මල් පිපීම විශේෂයි. මහ කන්නයේ අස්වනු වලින් අටු කොටු පිරී යද්දි, ගස් වල කොළ කහ පැහැ වී, වියළී වැටෙන්න ගන්නවා. ඊළඟට නව අතු රිකිලි ලියලමින් තුරු ලතා පිබිදෙනවා. අනතුරුව මේ තුරු ලතා මලින් හැඩ වෙනවා. ඔන්න දැන් දැන් ඵල හටගන්න අරගෙන. මේ අසිරිය පියසිරි විජේරත්නයන් අපට කියන්නෙ මෙලෙසින්....

බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි

බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි යස
ඉද්ද පනා මල් කැන් පිපිලා

බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි යස
ඉද්ද පනා මල් කැන් පිපිලා

සද්දෙ මොකෝ අවුරුද්ද ඇවිල්ල ද
සද්දෙ මොකෝ අවුරුද්ද ඇවිල්ල ද
නැද්ද කනෙයියෙනි රොන් හැදිලා

බැද්දට මල් වරුසාවක් වැහැලද
නිල් කොළ පිට ඒ මල් පොද ඉහිලද

බැද්දට මල් වරුසාවක් වැහැලද
නිල් කොළ පිට ඒ මල් පොද ඉහිලද

පාර වටේ ඇති සේරම ගස්
සරු සාර හැඩයි ගෙඩි හට ගැනිලා
ගෙඩි හට ගැනිලා

පේර දිවුල් පලු වීර ඉදී එන
වාරෙ වගෙයි මේ පැනි පිරිලා

බැද්දට පැනි වරුසාවක් වැහැලද
ගස් වල ගෙඩි පැනි වැස්සට තෙමිලද

බැද්දට පැනි වරුසාවක් වැහැලද
ගස් වල ගෙඩි පැනි වැස්සට තෙමිලද

රෑන ගිරා සැළලිහිණි කුරුල්ලන්
සීනු හඬින් රස ගී ගයලා
රස ගී ගයලා

තාන තනා තම් දාන කියා
එළිමාන වටේ කැරකේ නටලා

බැද්දට ගී වරුසාවක් වැහැලද
ගී පොද මේ හොට අස්සට පෙරිලද

බැද්දට ගී වරුසාවක් වැහැලද
ගී පොද මේ හොට අස්සට පෙරිලද

ගායනය: අමිතා වැදිසිංහ සහ පියසිරි විජේරත්න
පද රචනය: හෙන්රි තෙන්නකෝන්
තනුව: පියසිරි විජේරත්න
මුල් ගායනය: පියසිරි විජේරත්න සහ රංජනී පොල්ගම්පොල


ඉහත ගීය ට තැනුණු වීඩියෝවක් (WDIK යූ ටියුබ් චැනලයෙන් - නාද ශික්ෂණයේ දුර්වලතාවක් පවතී)



දින් මහ කන්නය අතුරු ආන්තරාවක් නැතිව යහපත් වී නම්, ගොවි සිත් හී නෙක හීනත් මෝදු වෙන්න ගන්නවා.

කන්ද උඩින් හඳ පායන ලීලා

කන්ද උඩින්
කන්ද උඩින් හඳ පායන ලීලා
ලන්ද වෙලේ රුක් අත්තන පිපීලා
මන්ද කොහෝ හඬලනු හැංගීලා
එණ්ඩ තමා බක් මහ ළංවීලා
එණ්ඩ තමා බක් මහ ළංවීලා ....//

දුන්න බහක් හින්දා මම කැන්දා
යන්න කෙනෙක් ඇත ආදරෙ හන්දා ...//
උන්නෙ මෙතෙක් නැකතක් එන සන්දා
ඉන්නෙ එතෙක් ඉවසන්න ද මන්දා
ඉන්නෙ එතෙක් ඉවසන්න ද මන්දා

කන්ද උඩින්
කන්ද උඩින් හඳ පායන ලීලා
ලන්ද වෙලේ රුක් අත්තන පිපීලා
මන්ද කොහෝ හඬලනු හැංගීලා
එණ්ඩ තමා බක් මහ ළංවීලා
එණ්ඩ තමා බක් මහ ළංවීලා ....//

ගායනය - අමිතා වැදිසිංහ
පද - දයානන්ද ගුණවර්ධන
තනුව - සෝමදාස ඇල්විටිගල
දයානන්ද ගුණවර්ධනයන්ගේ "බක් මහ අකුණු" නාට්‍යයෙනි.


ලාපොරොත්තු පිරුණු හිත් වල මෙහෙමයි හීන පොබයන්නෙ...

බක් මහටයි ගොඩ වැස්ස වහින්නේ

ආ.. ආ... ආඅආ.. (අඅඅ අඅ ආ...

බක් මහටයි ගොඩ වැස්ස වහින්නේ
බක් මහටයි අවුරුද්ද පුරන්නේ (ආආආ.. අඅඅ
බක් මහටයි හෙණ විදුලි කොටන්නේ
බක් මහටයි අපි දීගෙක යන්නේ
බක් මහටයි අපි දීගෙක යන්නේ
ආ අඅ ආ ආ...
අඅඅ අඅ ආ...

බක් මහටයි ගොඩ වැස්ස වහින්නේ
බක් මහටයි අවුරුද්ද පුරන්නේ
බක් මහටයි හෙණ විදුලි කොටන්නේ
බක් මහටයි අපි දීගෙක යන්නේ
බක් මහටයි අපි දීගෙක යන්නේ

මහ වැහි වහිනා බක් මාසේ
හෙණ හඬ තලනා බක් මාසේ
බක් මාසේ

මහ වැහි වහිනා බක් මාසේ
හෙණ හඬ තලනා බක් මාසේ
බක් මාසේ

කොවුලන් හඬනා බක් මාසේ
පැණි රහ කැවෙනව බක් මාසේ
පැණි රහ කැවෙනව බක් මාසේ

බක් මහටයි ගොඩ වැස්ස වහින්නේ (ආආආ... 
බක් මහටයි අවුරුද්ද පුරන්නේ (ආආආ.. ආඅ ආ..
බක් මහටයි හෙණ විදුලි කොටන්නේ (ආආආ..
බක් මහටයි අපි දීගෙක යන්නේ (ආආආ.. ආඅ ආ..
බක් මහටයි අපි දීගෙක යන්නේ (ආආආ.. ආඅ ආ..

කැන්දන් යන්නෙත් බින්න බහින්නෙත්
කැන්දන් යන්නෙත් බින්න බහින්නෙත්
දෙන්නා කැමැත්තෙන් හැංගිල යන්නෙත්
දෙන්නා කැමැත්තෙන් හැංගිල යන්නෙත්
මංගල මාසේ
මංගල මාසේ
මංගල මාසේ බක් මාසේ
මංගල මාසේ බක් මාසේ
මංගල මාසේ බක් මාසේ
මංගල මාසේ බක් මාසේ

ගායනය - වික්ටර් රත්නායක සහ පිරිස
පද - දයානන්ද ගුණවර්ධන
තනුව - සෝමදාස ඇල්විටිගල
1970 දී තිරගතවූ "බක් මහ දීගෙ" චිත්‍රපටියෙන්


ඉහත ගීයේ වීඩියෝවක්...


ලා ශූරී අරිසෙන් අහුබුදු වියතාණෝ වසන්තයේ අසිරිය "පරෙවිය ඉඟිනළුව" සඳහා ගීයක සිත්තම් කළා හරි අපූරුවට. ඒ පබැඳුම පණ්ඩිත් අමරදේවයන් හා සුනිල් සාන්ත සූරින් මේ විදියට ගීතවත් කළා.

මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී

මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී
මී වදවලැ පැණි පුරවන්නී
කුරුලු සරින් කන් පිනවන්නී
මුළු ලෝ උයනක් කරවන්නී

ජම්බු ගහට රත පොරවන්නී
බක් මී ගහ කහ අන්දන්නී
අඹ දළු ළා රත තවරන්නී
ලෝ කත විසිතුරු කැරැලන්නී

මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී
මී වදවලැ පැණි පුරවන්නී
කුරුලු සරින් කන් පිනවන්නී
මුළු ලෝ උයනක් කරවන්නී

එරබදු පැහැයෙන් දුලවන්නී
නා ගස් සුවඳින් බැඳැලන්නී
විලේ නෙළුම් මල් පොබයන්නී
නෙත ගිය ගිය අත පණවන්නී

මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී
මී වදවලැ පැණි පුරවන්නී
කුරුලු සරින් කන් පිනවන්නී
මුළු ලෝ උයනක් කරවන්නී

ගමේමැ පුහුලම් ඉදවන්නී
තුරුල් බවට වවුලන් ලන්නී
මෙතැන වවුලු පළවල් වෙන්නී
ගම් දරුවන් හට වැඩ වෙන්නී

මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී
මී වදවලැ පැණි පුරවන්නී
කුරුලු සරින් කන් පිනවන්නී
මුළු ලෝ උයනක් කරවන්නී

මල්සර හට හී සපයන්නී
යොවුනන් සිත් ඉන් බැඳැලන්නී
දෙක දෙක එක් කැරැ ඈඳන්නී
නොමිලේ කපුකම් කරවන්නී

මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී
මී වදවලැ පැණි පුරවන්නී
කුරුලු සරින් කන් පිනවන්නී
මුළු ලෝ උයනක් කරවන්නී

වෙන්වූවන් සිත කළඹන්නී
පරණ තරහ හැම යට ලන්නී
ආයෙත් එකමුතු කරවන්නී
පවුල් අවුල් විසඳාලන්නී

මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී
මී වදවලැ පැණි පුරවන්නී
කුරුලු සරින් කන් පිනවන්නී
මුළු ලෝ උයනක් කරවන්නී

ගායනය - සුනිල් සාන්ත සහ නාලිනී රණසිංහ
පද රචනය - කලාශූරී අරිසෙන් අහුබුදු
තනුව - සුනිල් සාන්ත

පරෙවි ඉඟිනළුව වෙනුවෙන් නිර්මානය වූ ගීයකි. 



පරෙවි ඉඟිනළුවේ වූ, එහෙත් ඉදිරිපත් කෙරුණු ගීයේ ගායනය නොවූ කොටසක්ද පද වැලට ඇතුළත් ය.

එය පහත අයුරිනි.

කොල්ලන් කෙල්ලන් බැඳලන්නී
මහලු සිතෙත් කෙළි රිසි ලන්නී
ගෙයි ගෙයි බක් වෙස් ගන්වන්නී
අවුරුදු කිරි බත උයවන්නී

මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී
මී වදවලැ පැණි පුරවන්නී
කුරුලු සරින් කන් පිනවන්නී
මුළු ලෝ උයනක් කරවන්නී

දස දෙස සුවඳින් බැඳලන්නී
ගතට සිතට නව පණ දෙන්නී
කුඹුරට ආසිරි සලසන්නී
රට වටැ සොම්නස ගෙනැ යන්නී

මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී
මී වදවලැ පැණි පුරවන්නී
කුරුලු සරින් කන් පිනවන්නී
මුළු ලෝ උයනක් කරවන්නී

මේ පබැඳුමේ කොටසක් පමණක් ගෙන, පණ්ඩිත් අමරදේවයන් කළ ගැයුමක් 

මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී
මී වදවලැ පැණි පුරවන්නී
කුරුලු සරින් කන් පිනවන්නී
මුළු ලොව උයනක් කරවන්නී

ජම්බු ගහට රත පොරවන්නී
බක් මී ගහ කහ අන්දන්නී
අඹ දළු ළා රත තවරන්නී
නෙත ගිය ගිය අත සනසන්නී

මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී
මී වදවලැ පැණි පුරවන්නී
කුරුලු සරින් කන් පිනවන්නී
මුළු ලොව උයනක් කරවන්නී

එරබදු පැහැයෙන් දුලවන්නී
නා ගස් සුවඳින් බැඳැලන්නී
විලේ නෙළුම් මල් පොබයන්නී
ලෝ කත විසිතුරු කැරැලන්නී

මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී
මී වදවලැ පැණි පුරවන්නී
කුරුලු සරින් කන් පිනවන්නී
මුළු ලොව උයනක් කරවන්නී

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සහ පිරිස
පද රචනය - කලාශූරී අරිසෙන් අහුබුදු
සංගීත අදියුරු - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව


සිංහල අවුරුද්දට පරිසරය හා ජන ජීවිතය හැඩවන හැටි ගැන ගී කිහිපයක්.

නීල කොබෙයි රෑන ඇදී

නීල කොබෙයි රෑන ඇදී
වී අහුලන ඉපනැල්ලේ ...//
මාල ගිරවු පේලි ගැසීලා
නව අවුරුදු ගීත ගයනවා //

වක්‌කඩ ළඟ දිය සුළියේ
තිත්ත පැටව් කලබලයේ ...//
ඒ තාලෙට වරල් සළාලා //
නව අවුරුදු නැටුම් නටනවා //

ඔංචිලි චිලි චිල්ල මලේ
වැල්ල දිගට නෙල්ලි කැලේ ...//
ගසුයි වැලුයි මලින් පිරෙණවා //
ගම්මානෙට අවුරුදු එනවා //

නා වැටියම දළු දමලා
නා අතු අග මල් පිපිලා ...//
බාල ලියන් ටිකිරි හිනා වේ //
රිදී එළිය ගමට ගෙනාවේ //

නීල කොබෙයි රෑන ඇදී
වී අහුලන ඉපනැල්ලේ ...//
මාල ගිරවු පේලි ගැසීලා
නව අවුරුදු ගීත ගයනවා ///

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද - මහගම සේකර
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව

නාඩන් පුංචි හිරමණේ

නාඩන් පුංචි හිරමණේ
ඇවිදින් ඔන්න වසන්තේ ...//
මේ රුහුණුකරේ පොල්වතු බෝමා
මට පාඩගම් පබළු අරගෙන

පොල් මල් පිපිලා දොරකඩ
අර බලපල්ලා ..//

දොන්ත දොං රබන් පදයට
පංච කිරි කවඩි හිනැහෙන
දවස ඇවිල්ලා
කහට පොතු කකා හමයන
කටින් වාරමක් කියන්න
දත මැදපල්ලා
දත මැදපල්ලා

කොන්ද කොද කැකුළු කදිරන්
පුංචි ඉණට සේල අරන්
එයිද කොබෙයියෝ
රංචාගොඩ කවි සීපද
කන්දීලා මල් යහනට
වඩින්න දෙයියෝ
වඩින්න දෙයියෝ

නාඩන් පුංචි හිරමණේ
ඇවිදින් ඔන්න වසන්තේ ...//

ගායනය - ප්‍රදීපා ධර්මදාස
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
තනුව හා සංගීතය - සරත් දසනායක

එරබදු මල් පිපිලා

එරබදු මල් පිපිලා දැක්කම හරි ආසයි
යළි අවුරුදු ඇවිදින් රටටම සිරියාවයි ....//

කොහෝ හඬින් අවදිකරන සිංහල අවුරුද්දේ
රබන් සුරල් හඬ පරදයි රතිඤ්ඤා වෙඩි සද්දේ

කොහෝ හඬින් අවදිකරන සිංහල අවුරුද්දේ
රබන් සුරල් හඬ පරදයි රතිඤ්ඤා වෙඩි සද්දේ

එරබදු මල් පිපිලා දැක්කම හරි ආසයි
යළි අවුරුදු ඇවිදින් රටටම සිරියාවයි ....//

සුබ නැකතින් කිරි උතුරා සතුටු සිනා මැද්දේ
අපිත් ගයමු මල් වාරම් නැඟ රන් ඔන්චිල්ලේ

සුබ නැකතින් කිරි උතුරා සතුටු සිනා මැද්දේ
අපිත් ගයමු මල් වාරම් නැඟ රන් ඔන්චිල්ලේ

එරබදු මල් පිපිලා දැක්කම හරි ආසයි
යළි අවුරුදු ඇවිදින් රටටම සිරියාවයි ....//

ගායනය - රජීව් සෙබස්තියන් සහ නෙලූ අධිකාරි
පද - රජීව් සෙබස්තියන්
තනුව - රජීව් සෙබස්තියන්

න්දේ උකුළ උඩ

න්දේ උකුළ උඩ නින්ද ගිහින් හිටි එරබදු ඇහැ ඇරිලා
අන්න හිනා වෙනවා
ලන්දේ උකුළ උඩ නින්ද ගිහින් හිටි එරබදු ඇහැ ඇරිලා...//

නීල කොබෙයි පැටියන්ට ඇඳුම්
මුතු මාල පොටක් ගිරවුන්ට අරන්
නීල කොබෙයි පැටියන්ට ඇඳුම්
මුතු මාල පොටක් ගිරවුන්ට අරන්

රත්තරන් පාට කමතට ඉහළින්
රත්තරන් පාට කමතට ඉහළින්
කන්ද උඩින් එන ගෝමරියේ
දැන් ගමට වරෙන්
දැන් ගමට වරෙන්

ලන්දේ උකුළ උඩ නින්ද ගිහින් හිටි එරබදු ඇහැ ඇරිලා
අන්න හිනා වෙනවා
ලන්දේ උකුළ උඩ නින්ද ගිහින් හිටි එරබදු ඇහැ ඇරිලා

පන්සල් කන්දට සිරස නමන්
ඉර දෙයියො ඇවිත් නවතා සක්මන්

පන්සල් කන්දට සිරස නමන්
ඉර දෙයියො ඇවිත් නවතා සක්මන්

‌තෙල් දැමුව දොලොස්මහ පහන් වැටෙන්
‌තෙල් දැමුව දොලොස්මහ පහන් වැටෙන්
ගම රට එනවද පාන්දරින්
රන් එළිය අරන්
රන් එළිය අරන්

ලන්දේ උකුළ උඩ නින්ද ගිහින් හිටි එරබදු ඇහැ ඇරිලා
අන්න හිනා වෙනවා
ලන්දේ උකුළ උඩ නින්ද ගිහින් හිටි එරබදු ඇහැ ඇරිලා ...//

ගායනය - ජැක්සන් ඇන්තනී සහ  කුමාරි මුණසිංහ
පද-රත්න ශ්‍රී විජේසිංහ
තනුව හා සංගීතය - සංගීත් වික්‍රමසිංහ


පුංචි පැලත් මේ කාලේ

පුංචි පැලත් මේ කාලේ මාලිගා
රජ මාලිගා
දොළොස් මහේ නැකත ඇවිල්ලා

ගම්මානෙම මංගල ගී ගායනා
ගැමි ගායනා
සිංහල අවුරුද්ද ඇවිල්ලා

මල් වරා තිබූ දළු මල් බරින් පිරේ
රන් ගොයම්ද කිරිවැදී සැලේ

බාලොලියා බෝවිටියා හිනැහී ඇත්තේ
කෝල ළඳුන් පුරන රබන් සුරල් සේ

පුංචි පැලත් මේ කාලේ මාලිගා
රජ මාලිගා
දොළොස් මහේ නැකත ඇවිල්ලා

ගම්මානෙම මංගල ගී ගායනා
ගැමි ගායනා
සිංහල අවුරුද්ද ඇවිල්ලා

කමත් පින් කෙතේ පුංචි පැංචියන් පිරී
චන්ද්‍ර කිඳුරු නාඩගම වෙතේ

කෝල ළඳුන් ආල සිතින් ගැටව් හා එතී
ඈත කුඹුරු දිගේ සරුංගල් අරී

පුංචි පැලත් මේ කාලේ මාලිගා
රජ මාලිගා
දොළොස් මහේ නැකත ඇවිල්ලා

ගම්මානෙම මංගල ගී ගායනා
ගැමි ගායනා
සිංහල අවුරුද්ද ඇවිල්ලා

දොළොස් මහේ නැකත ඇවිල්ලා
සිංහල අවුරුද්ද ඇවිල්ලා...//

ගායනය - විජය කුමාරතුංග සහ චන්ද්‍රලේඛා පෙරේරා
පද - සෝමපාල ලීලානන්ද
තනුව - සරත් දසනායක


අතුරු මිතුරු දඹදිවතුරු

අතුරු මිතුරු දඹදිවතුරු
ගහ වැල මල් ලන පියකරු
කොවුල් ගීත සරින් මියුරු

අවුරුදු ඇවිදින් සුමිතුරු
අවුරුදු ඇවිදින් සුමිතුරු

ඔන්චිලි චිලි චිල්ලමලේ
සිහින් සේල සෙමෙන් සැලේ ...//

මී අඹ තුරු සෙවණැල්ලේ
බැඳුණු රුවන් ඕවිල්ලේ
හමන පවන් සිහිලැල්ලේ
ඉහළ නඟිමු නැළැවිල්ලේ

මලින් මලට බඹර දැලේ
මියුරු කිකිණි බිකිනි සැලේ
වසත් කුමරි එමට රුවේ
හැකක් නෑර සතුට ගෙනේ

මල්වාරම් හඬ දෑලේ
ඇසේ ඇසේ නව තාලේ
දැනගෙන අත්වැල් මාලේ
අපිත් නගිමු පෙම් ඊලේ

අතුරු මිතුරු දඹදිවතුරු
ගහ වැල මල් ලන පියකරු
කොවුල් ගීත සරින් මියුරු

අවුරුදු ඇවිදින් සුමිතුරු
අවුරුදු ඇවිදින් සුමිතුරු

ඔන්චිලි චිලි චිල්ලමලේ
සිහින් සේල සෙමෙන් සැලේ ...//

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සහ අමිතා වැදිසිංහ
පද - සුනිල් සරත් පෙරේරා
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව


මී අඹ අත්තේ කොහෝ කොහෝ

මී අඹ අත්තේ කොහෝ කොහෝ
දොළොස් මහේ මඟුල් දොහේ ..//
රබාන රත්වෙන නැකැත් වෙලාවට
නලාව පිඹහන් කොහෝ කොහෝ 

ගිරා නිලෙන් දිලි ගොයම් ලියද්දේ
උඩින් උඩින් වර පෙත්තප්පූ
හෝරාවෙන් නොනගතේ ගෙවෙද්දී
නෑගම් එනවද පෙත්තප්පූ

ගම් මැද්දේ සරු අවුරුදු දා //
පච්ච වඩම් පළඳා

මී අඹ අත්තේ කොහෝ කොහෝ
දොළොස් මහේ මඟුල් දොහේ
රබාන රත්වෙන නැකැත් වෙලාවට
නලාව පිඹහන් කොහෝ කොහෝ 

හිස තෙල් ගානා ආදර අතකින්
ඉහෙන් බහින උවදුරු දුරුවී
නෙත් දෙක වාගේ අයිය නඟාලට
පින් පලදේ අවුරුදු ජයවී

එක මව් කුසයේ ඉපදේවා //
මතු මතු සංසාරේ

මී අඹ අත්තේ කොහෝ කොහෝ
දොළොස් මහේ මඟුල් දොහේ

මී අඹ අත්තේ කොහෝ කොහෝ
දොළොස් මහේ මඟුල් දොහේ

රබාන රත්වෙන නැකැත් වෙලාවට
නලාව පිඹහන් කොහෝ කොහෝ 

මී අඹ අත්තේ කොහෝ කොහෝ
දොළොස් මහේ මඟුල් දොහේ

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි සමග නීලා වික්‍රමසිංහ
පද - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - සරත් දසනායක
1981 දී තිරගතවූ චංචල රේඛා  චිත්‍රපටියට ගැයුණු ගීයකි.


ඇවිල්ල ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා

ඇවිල්ල ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා
වරෙල්ල වරෙල්ලා වැල්ලෙ පදිමු රන් ඔන්චිල්ලා ....//

කොවුලා බටලී පිඹිනව කොට්ටෝරුව බෙර ගහනව

කොවුලා බටලී පිඹිනව කොට්ටෝරුව බෙර ගහනව
ලේනා ගසයි කයිතාලම අවිච්චියා එහි නටනව

ඇවිල්ල ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා
වරෙල්ල වරෙල්ලා වැල්ලෙ පදිමු රන් ඔන්චිල්ලා ....//

කැවුම් කොකිස් මුං අළුවා කිරිබත්වල රස බැලුවා

කැවුම් කොකිස් මුං අළුවා කිරිබත්වල රස බැලුවා
ගමේ ළඳුන් කොමල පපා උදේ රබානක් පැලුවා

ඇවිල්ල ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා
වරෙල්ල වරෙල්ලා වැල්ලෙ පදිමු රන් ඔන්චිල්ලා ....//

අබුන් කටයි සුබ නැකතයි දෙගුරුන් හට බුලත් අතයි

අබුන් කටයි සුබ නැකතයි දෙගුරුන් හට බුලත් අතයි
ලැබූ අලුත් අවුරුද්දේ කිරි ඉතිරෙයි අපට සෙතයි

ඇවිල්ල ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා
වරෙල්ල වරෙල්ලා වැල්ලෙ පදිමු රන් ඔන්චිල්ලා ....//

ආ ආ ආ ආ.... අඅඅ අඅඅ ආඅආ..... /////.

ගායනය - මොහිදීන් බෙග්, ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරාලතා වල්පොල, මල්ලිකා කහවිට සහ පිරිස
පද - කරුණාරත්න අබේසේකර
තනුව හා සංගීතය - එම්.කේ. රොක්සාමි
1964 දී තිරගතවූ ධීවරයෝ  චිත්‍රපටියට ගැයුණු ගීයකි.

කොහෝ කොහෝ

කොහෝ කොහෝ
කොහේ ඉඳන් කොහෝ කියනවදෝ
අපේ ගමේ රබන් පදේ
උඹට ඇහෙනවදෝ

කොහෝ කොහෝ
කොහේ ඉඳන් කොහෝ කියනවදෝ
අපේ ගමේ රබන් පදේ
උඹට ඇහෙනවදෝ
කජු නාඹර රස මී අඹ
ගස් යට වැහි වැහැලා
කොහෝ අන්න අර බලපන්
මී වද පැණි පිරිලා

කජු නාඹර රස මී අඹ
ගස් යට වැහි වැහැලා
කොහෝ අන්න අර බලපන්
මී වද පැණි පිරිලා

කොහෝ කොහෝ
කොහේ ඉඳන් කොහෝ කියනවදෝ
බක් මාසේ මඟුල් නැකැත්
මටත් කියනවදෝ

කොහෝ කොහෝ
කොහේ ඉඳන් කොහෝ කියනවදෝ
බක් මාසේ මඟුල් නැකැත්
මටත් කියනවදෝ

රබන් හඬට බමරු නටන
ලස්සණ ගම් මැද්දේ
කොහෝ උඹත් ගී කියපන්
සිංහල අවුරුද්දේ

රබන් හඬට බමරු නටන
ලස්සණ ගම් මැද්දේ
කොහෝ උඹත් ගී කියපන්
සිංහල අවුරුද්දේ

කොහෝ කොහෝ
කොහේ ඉඳන් කොහෝ කියනවදෝ
අවුරුද්දට අපේ දිහා
නෑගම් එනවදෝ

කොහෝ කොහෝ
කොහේ ඉඳන් කොහෝ කියනවදෝ
අවුරුද්දට අපේ දිහා
නෑගම් එනවදෝ

රබන් හඬට බමරු නටන
ලස්සණ ගම් මැද්දේ
කොහෝ උඹත් ගී කියපන්
සිංහල අවුරුද්දේ

රබන් හඬට බමරු නටන
ලස්සණ ගම් මැද්දේ
කොහෝ උඹත් ගී කියපන්
සිංහල අවුරුද්දේ

රබන් හඬට බමරු නටන
ලස්සණ ගම් මැද්දේ
කොහෝ උඹත් ගී කියපන්
සිංහල අවුරුද්දේ.....///.

ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි සහ සුජාතා අත්තනායක
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි

කන්ද උඩින් හඳ පායන ලීලා

න්ද උඩින්
කන්ද උඩින් හඳ පායන ලීලා
ලන්ද වෙලේ රුක් අත්තන පිපීලා
මන්ද කොහෝ හඬලනු හැංගීලා
එණ්ඩ තමා බක් මහ ළංවීලා
එණ්ඩ තමා බක් මහ ළංවීලා ....//

දුන්න බහක් හින්දා මම කැන්දා
යන්න කෙනෙක් ඇත ආදරෙ හන්දා ...//
උන්නෙ මෙතෙක් නැකතක් එන සන්දා
ඉන්නෙ එතෙක් ඉවසන්න ද මන්දා
ඉන්නෙ එතෙක් ඉවසන්න ද මන්දා

කන්ද උඩින්
කන්ද උඩින් හඳ පායන ලීලා
ලන්ද වෙලේ රුක් අත්තන පිපීලා
මන්ද කොහෝ හඬලනු හැංගීලා
එණ්ඩ තමා බක් මහ ළංවීලා
එණ්ඩ තමා බක් මහ ළංවීලා ....//

ගායනය - අමිතා වැදිසිංහ
පද - දයානන්ද ගුණවර්ධන
තනුව - සෝමදාස ඇල්විටිගල
දයානන්ද ගුණවර්ධනයන්ගේ "බක් මහ අකුණු" නාට්‍යයෙනි.


හේළි රටේ දැන්

හේළි රටේ දැන් ඉතිරේ මංගල ලීලා
පේළි ගැසී එත් විහඟෝ වාස පුරාලා
මී රස බීලා 
ගී නද දීලා
හේළි අලුත් අවුරුද්දේ සිරිය සදාලා

සුපිපි මලින් තුරු මුදුනේ වියන් මැවෙන්නේ
වටල රොනින් තණ බිස්සේ යහන් තැවෙන්නේ
සුවඳ සුළං අතු අතරින් මදින් හමන්නේ
දුහුළු වතින් හිරු දෙවි රන් විමනෙ වඩින්නේ

හේළි රටේ දැන් ඉතිරේ මංගල ලීලා
පේළි ගැසී එත් විහඟෝ වාස පුරාලා
මී රස බීලා 
ගී නද දීලා
හේළි අලුත් අවුරුද්දේ සිරිය සදාලා

තෙලෙහි කැවුම් බැදෙන සුවඳ දසත පිරෙන්නේ
දුමෙහි කෙසෙල් ඉදෙන රහට පනිමි වැටෙන්නේ
ගේකැ ගේකැ අමුතු බුලත් හුරුළු බැඳෙන්නේ
ගමෙකැ ගමෙකැ මෙ අතෙදි නෑගමන් පිරෙන්නේ

හේළි රටේ දැන් ඉතිරේ මංගල ලීලා
පේළි ගැසී එත් විහඟෝ වාස පුරාලා
මී රස බීලා 
ගී නද දීලා
හේළි අලුත් අවුරුද්දේ සිරිය සදාලා

අත අවුලෙන් පලතුරුයෙන් කුස පිරැවෙන්නේ
සුබ නැකැතින් හොඳ අතෙකින් පඬුරු ගැනෙන්නේ
වැඩිහිටියන් වැඳ නියමින් වැඩ අල්ලන්නේ
සිරි සැපතින් සුබ නව අවුරුද්ද පුරන්නේ

හේළි රටේ දැන් ඉතිරේ මංගල ලීලා
පේළි ගැසී එත් විහඟෝ වාස පුරාලා
මී රස බීලා 
ගී නද දීලා
හේළි අලුත් අවුරුද්දේ සිරිය සදාලා

ගායනය - සුනිල් සාන්ත සමග ලීලා අසෝකා (හේවා ගීගනගේ ලීලාවතී)
පද - පණ්ඩිත් ගුණපාල සේනාධීර
තනුව - සුනිල් සාන්ත

"සූර්ය මංගල්‍යයේ ගී 2" වන කොටසින් හමුවෙමු.
දෙවන කොටස නැකැත් වේලාවන් ට සිදුවන චාරිත්‍ර හා ඉන්පසු සිදුවන ක්‍රියාකාරකම් හා බැඳේ. 12 වන සඳුදා බලාපොරොත්තු වන්න.

No comments: