Sunday, January 25, 2026

කො⁣යිද මා ජීවිතේ යන්නෙ මේ

කොයිද මා ජීවිතේ යන්නෙ මේ
කාට මේ ලෝකෙ ආධාරෙටා
ඒ නොහැක්කේ සමාජේ තිරා

අන් ලොවක් යවු සොයා ජීවනේ

මේ ලොවේ නම් ඉඩක් ඊට නෑ

නිශ්ඵලයි ඒ ප්‍රයත්නේ අහෝ


කොයිද මා ජීවිතේ යන්නෙ මේ


යුක්ති ධර්මේ මෙහී නෑ කිසී

වංක කම් හී දිවි ඇත්තේ වැසී ....//

ජය ලබන්නේ මෙ ලෙසමයි දිවී

දේස ආලේ උතුම් දම් බොරුයි

ඒ සැමා පාසැලේ පොත්පතෙයි

ඕනැ දේ ඒ නොවෙයි බොරුවමයි


කොයිද මා ජීවිතේ යන්නෙ මේ


ද්‍රෝහිකම් හා ඊර්ෂ්‍යාවෙන් පිරී

මේ සමාජේ භයංකාරෙනී ...//

සැඩ සුළං සේ බිඳී යයි ⁣වේගෙනී

කාසිමයි බෝ උසස් මේ ලොවේ

ඒ නොමැත්නම් තැනක් නෑ අහෝ

ලෝ මැව්වේ රජුන් මේ නිසයි

කාට මුත් පෙම් පුදන්ටත් එපා

පොහොසතුන්ගේ විනෝදේ එයයි

ඒ රසේ දුප්පතුන්ටා නොවෙයි


කොයිද මා ජීවිතේ යන්නෙ මේ

කාට මේ ලෝකෙ ආධාරෙටා

ඒ නොහැක් මේ සමාජේ තිරා

අන් ලොවක් යවු සොයා ජීවනේ

මේ ලොවේ නම් ඉඩක් ඊට නෑ

නිශ්ඵලයි ඒ ප්‍රයත්නේ අහෝ


කොයිද මා ජීවිතේ යන්නෙ මේ


ගායනය - ධර්මදාස වල්පොල

පද - අවිනිශ්චිතයි (ආනන්ද සමරකෝන් හෝ ඩී.ටී. ප්‍රනාන්දු යන දෙදෙනා අතරින් කෙනෙක්)

සංගීතය - එස්. දක්ෂිණමූර්ති


1955 දී තිරගතවූ "සැඩ සුළං" චිත්‍රපටියේ ගීයකි.


1952 දී භාරතයේ තිරගතවූ "Daag" හින්දි චිත්‍රපටියට ඇතුළත් වූ "Aye Mere Dil Kahin Aur Chal" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




හින්දි ගීයේ පද


ऐ मेरे दिल कहीं और चल

ग़म की दुनिया से दिल भर गया

ढूँढ ले अब कोई घर नया

ऐ मेरे दिल कहीं और चल

ग़म की दुनिया से दिल भर गया

ढूँढ ले अब कोई घर नया

ऐ मेरे दिल कहीं और चल


चल जहाँ ग़म के मारे न हों

झूठी आशा के तारे न हों

चल जहाँ ग़म के मारे न हों

झूठी आशा के तारे न हों

झूठी आशा के तारे न हों

इन बहारों से क्या फ़ायदा

जिस में दिल की कली जल गई

ज़ख़्म फिर से हरा हो गया


ऐ मेरे दिल कहीं और चल


चार आँसू कोई रो दिया

फेर के मुँह कोई चल दिया

चार आँसू कोई रो दिया

फेर के मुँह कोई चल दिया

फेर के मुँह कोई चल दिया

लुट रहा था किसी का जहाँ

देखती रह गई ये ज़मीं

चुप रहा बेरहम आसमां

ऐ मेरे दिल कहीं और चल

ग़म की दुनिया से दिल भर गया

ढूँढ ले अब कोई घर नया

ऐ मेरे दिल कहीं और चल


ai mere dil kaheen aur chal

gam kee duniya se dil bhar gaya

dhoondh le ab koee ghar naya

ai mere dil kaheen aur chal

gam kee duniya se dil bhar gaya

dhoondh le ab koee ghar naya

ai mere dil kaheen aur chal


chal jahaan gam ke maare na hon

jhoothee aasha ke taare na hon

chal jahaan gam ke maare na hon

jhoothee aasha ke taare na hon

jhoothee aasha ke taare na hon

in bahaaron se kya faayada

jis mein dil kee kalee jal gaee

zakhm phir se hara ho gaya


ai mere dil kaheen aur chal


chaar aansoo koee ro diya

pher ke munh koee chal diya

chaar aansoo koee ro diya

pher ke munh koee chal diya

pher ke munh koee chal diya

lut raha tha kisee ka jahaan

dekhatee rah gaee ye zameen

chup raha beraham aasamaan

ai mere dil kaheen aur chal

gam kee duniya se dil bhar gaya

dhoondh le ab koee ghar naya

ai mere dil kaheen aur chal


Lyricist - Shailendra

Music Director - Shankar Jaikishan


තනුව උපුටාගත් හින්දි ගීතය වන "Aye Mere Dil Kahin Aur Chal" යන ගීයේ අවස්ථා තුනක් "Daag" චිත්‍රපටියේ නිරූපනය වේ.


තලාත් මෙහ්මූද් ගයන එක් අවස්ථාවක ගීය වේගවත් එකකි.

මේ එම අවස්ථාවයි.




තලාත් මෙහ්මූද් ගයන ගීයේ අඩු වේග අවස්ථාව




ඉහත ගීයේ ලතා මංගෙස්කාර් ගායනා කරන අවස්ථාව


No comments: