Saturday, November 30, 2013

දෛවයෝගයකින්


දෛවයෝගයකින් නොවේදෝ
හමුවුණේ අප හමු වුණේ
දෛවයේ සරදම් ලබන්නට
කිම මෙසේ අප හමුවුණේ

ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ
ඇදුරුතුමියයි යෞවනේ ….//
ශෝකයේ රුදු වේදනාවේ
කඳුළු සයුරේ උල්පතයි

දෛවයෝගයකින් නොවේදෝ
හමුවුණේ අප හමු වුණේ
දෛවයේ සරදම් ලබන්නට
කිම මෙසේ අප හමුවුණේ

නඳුන් උයනයි ස්නේහයේ ඔබ
සඳුන් සිලිලයි ජීවිතේ ….//
සොම්නසේ ආනන්දයේ
හසරැල් ැතරංගේ උල්පතයි

දෛවයෝගයකින් නොවේදෝ
හමුවුණේ අප හමු වුණේ
දෛවයේ සරදම් ලබන්නට
කිම මෙසේ අප හමුවුණේ

ගායනය: ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව: ආචාර්ය වික්ටර් රත්නායක




මහාචාර්ය සුනිල් ආරියරත්නයන් පිළිබඳ මතක ආවර්ජනයක් කරන ධම්මික බණ්ඩාර කතිකාචාර්ය තුමන්, මේ ගීයට අදාල ඒ අතීත කතාව ⁣"දෙරණ රූපවාහිනී" වැඩසටහනක දිගහැරියා මෙලෙසින්...



No comments: