Sunday, December 1, 2013

කොහේ සිට ඔබ පැමිණියේදෝ



කොහේ සිට ඔබ පැමිණියේදෝ
සිහිනයේ රැඳුණු ඒ අප්සරා
මගේ ඉරබටු තාරකාවිය
ඔබට ගැයෙනා නැවුම් කුළුඳුල්
ප්‍රේම ගීයයි මේ....
කොහේ සිට ඔබ පැමිණියේදෝ

දෙනෝ දාහක් අවට සිටියද
තනිවෙලා වේදනා වින්ඳෙමි මං
නුවන් දාහක් අවට දුටුවද
දෙනෙත නලවන නෙතක් නුදුටිමි මං
කොහේ සිට ඔබ පැමිණියේදෝ

පාළු ඝනඳූරු රුදුරු රෑ මැද
නෙත වසා ආදරේ පැතුවෙමි මං
මගේ සුසුමන් දැනෙන තරමට
ඔබට ළංවී කෙදින හිඳිමිද මං...

කොහේ සිට ඔබ පැමිණියේදෝ
සිහිනයේ රැඳුණු ඒ අප්සරා
මගේ ඉරබටු තාරකාවිය
ඔබට ගැයෙනා නැවුම් කුළුඳුල්
ප්‍රේම ගීයයි මේ....
කොහේ සිට ඔබ පැමිණියේදෝ

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක

1979 දී තිරගතවූ "පොඩි මල්ලී" චිත්‍රපටියේ ගීයකි.

No comments: