Monday, December 16, 2013

දිල්හානී



දිල්හානී දුවනී
නාඬා නිදියන්නේ
නිවසට සුරතල්
ආලෝකය දී
නාඬා නිදියන්නේ

දෑත දෙපා සලමින් ඇය කරනා
සුරතල් දැකගන්න
වාසනාව මට ගෙනදුන් දියණී
සුරතල් දිල්හානී

රන් ඔන්චිල්ලේ
ඇයව හොවාලා
පදවන්නට සිතුණා
රන් තැටියේ කිරි
පැණි පුරවාලා
ගෙන එන්නට සිතුණා

රන්වන් තටු ඇති
සමනලයින් දැක
ඇයගෙ දෙතොල් පිපුණා
රන්වන් මුහුණේ
ලස්සණ දැකලා
සිපගන්නට සිතුණා

දිල්හානී දුවනී
නාඬා නිදියන්නේ
නිවසට සුරතල්
ආලෝකය දී
නාඬා නිදියන්නේ

ගායනය -  මූන්ස්ටෝන්ස් (ඉන්ද්‍රානි පෙරේරා)
පද - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන

No comments: