වන දෙව්ලිය තුරුලේ
සැතපෙන සීගිරියේ
පෙරකල සිත්තරුවෝ
බිතු සිතුවම් නෙළුවෝ
සිත පණ ගන්වන
හදේ නිදන්වන
රූබර ළඳුනගෙ
මදහස පෙන්වන…//
කලා වැවේ සුළඟින්
ඇගෙ ගත සලිත වෙලා
කලා රසික හෙළයන්
සීගිරි අඟන නෙළා
සඳ වැනි මුව ඇති
රූබර ළඳුනනි
කලා රසය ලොව
හඬගා කියමිනි…//
දහස් ගණන් නරඹා
සීගිරි බැස යනවා
කලා රසය හොබවා
සිතුවම් පවතිනවා
වන දෙව්ලිය තුරුලේ
සැතපෙන සීගිරියේ
පෙරකල සිත්තරුවෝ
බිතු සිතුවම් නෙළුවෝ
බිතු සිතුවම් නෙළුවෝ
ගායනය - මූන්ස්ටෝන්ස් (ඉන්ද්රානි පෙරේරා)
පද - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන
තැටිය EP Decca / DRE-C-4030 (1969)
No comments:
Post a Comment