Tuesday, December 17, 2013

අකල් හී පියාපත්

අකල් හී පියාපත්
බිඳී ගිය කුරුල්ලෙක්
ගයන ගී අහන්නට
ආවෙහි ද කිව මැනව

එකල් හී පියාපත්
සවිමත් ව තුබූ සඳ
ඔබේ ළඟ අද වගේ
මම උනිමි නොපෙනුණි ද

මානයෙන් නෙත් බිඳුණ
ස්නේහයෙන් සිත මිදුණ
සරුංගල් ලෝකයේ
එදා ඔබ නොදත්තෙමි

ප්‍රේමයෙන් හද පිරී
ස්නේහයෙන් සිත බැඳී
ඔබේ සෙවණැල්ල සේ
ඔබ ළඟ ම මම උනිමි

අකල් හී පියාපත්
බිඳී ගිය කුරුල්ලෙක්
ගයන ගී අහන්නට
ආවෙහි ද කිව මැනව

එකල් හී පියාපත්
සවිමත් ව තුබූ සඳ
ඔබේ ළඟ අද වගේ
මම උනිමි නොපෙනුණි ද

සරුංගල් සිහින ළඟ
ජීවිතය හේම වී
මට මගේ හෙවණැල්ල
පවා අද නැත ළඳුනි

නොතැවෙන්න පිය සබඳ
විකල් වූ සිත නිවමි
ඔබේ සෙවණැල්ල වී
සදා ඔබ ළඟ හිඳිමි

අකල් හී පියාපත්
බිඳී ගිය කුරුල්ලෙක්
ගයන ගී අහන්නට
ආවෙහි ද කිව මැනව

නොතැවෙන්න පිය සබඳ
විකල් වූ සිත නිවමි
ඔබේ සෙවණැල්ල වී
සදා ඔබ ළඟ හිඳිමි

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක සහ නිරංජලා සරෝජිනී
පද - මහින්ද අල්ගම
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

No comments: