Tuesday, December 17, 2013

හදේ සුසුමක්

හදේ සුසුමක් පතිත වීමෙන්
බකිණි මල් පෙති පර නොවේවා
ඔබේ සුවඳැති හිනා පියුමෙන්
මගේ හදවත සුවඳ වේවා
ලොවේ කෙදිනද
ආදරේ මඟ
දෙපස කරදර හමුනොවන්නේ

ගමේ පිපි මල
ගමේ තනිවී
මා නිසා නොවැ දුක් විඳින්නේ ....//
සුවඳ නැති මල් ඉරිසියාවෙන් //
ඔබේ රුව දැක උමතු වන්නේ
ඇගේ මුවගින්
දොලේ ගීතය
හේන අසලින් මට ඇසෙන්නේ

නීල අහසේ
සේද පටුනේ
සැඳෑ කාලේ නැළැවි නැළවී ....//
ඈත පාවෙන වලාකුළ සේ //
වරළ පිට මැද උනාලන්නේ
එහි සුගන්දය ගීතයක් වී
මගේ තනියට අසල ඉන්නේ ///

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද - ඩෝල්ටන් අල්විස්
තනුව - ඩී.ආර්. පීරිස්

No comments: