Wednesday, December 4, 2013

අරුණ උදාවේදෝ

අරුණ උදාවේදෝ
අඳුර නිමාවේදෝ
මිහිමඬල පුරා
ඝණ තිමිර ඉරා
නැණ අරුණ පහන් වේදෝ
අවා දෙරණේ ...//

මනුසත් උයනේ මුදු සිත් පරවී
හසරැල් ගිලිහී යයි
මිහිමව් තුරුළේ නොමිනිස් කතරේ
ගිනිදැල් මතුවී එයි
එද ගිනි නිවනා දිය දහරා
කවදාදෝ හමුවන්නේ
දයා මහිමේ

අරුණ උදාවේදෝ
අඳුර නිමාවේදෝ
මිහිමඬල පුරා
ඝණ තිමිර ඉරා
නැණ අරුණ පහන් වේදෝ
අවා දෙරණේ

කඳුළින් තැවෙනා දෙනුවන් හමුවේ
ලොව නෙත් අඳවේ නම්
ළසොවින් දැවෙනා සුදනන් හමුවේ
දුදනන් සැනහේ නම්
මිනිසුන් නොවෙනා දෙරණකදෝ
අවසානය එළඹෙන්නේ
නිරා ගමනේ

අරුණ උදාවේදෝ
අඳුර නිමාවේදෝ
මිහිමඬල පුරා
ඝණ තිමිර ඉරා
නැණ අරුණ පහන් වේදෝ
අවා දෙරණේ

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - කුලරත්න ආරියවංශ
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ


1989 දී නිකුත්වූ "නිම් තෙරක්" කැසට් පටයට ඇතුළත් වූ මේ ගීය 2001 වසරේදී "නෑසෙන ගී රස 1" කැසට් පටයට හා සංගත තැටියට ද ඇතුළත් වුණා.

No comments: