Monday, December 2, 2013

මල් වට්ටියක්

මල් වට්ටියක්
වෙන්දේසියක්
පන්සලේ ලොකු පින්කමක්
බුදු හිමියනේ ඔබ පුදන්නට
ගමේ දෙපිළක තරඟයක් ...//
මල් වට්ටියක්

පිනට දහමට නුහුරු අත හිත
දුකට පිහිටට නොහිටි නෙත හිත
තරඟයක වැද උනුන් සිත් පරදා
මහන්තත්වය රකීවී

මල් වට්ටියක්
වෙන්දේසියක්
පන්සලේ ලොකු පින්කමක්
බුදු හිමියනේ ඔබ පුදන්නට
ගමේ දෙපිළක තරඟයක්
මල් වට්ටියක්

තරඟ ඇතිමුත් ලොවේ දස අත
තරඟ කුමටද බුදුන් පිදුමට
හතර රියනක තනිව සැතපෙන දා
තරඟයද කෙළවරක් වේ

මල් වට්ටියක්
වෙන්දේසියක්
පන්සලේ ලොකු පින්කමක්
බුදු හිමියනේ ඔබ පුදන්නට
ගමේ දෙපිළක තරඟයක් ...//

මල් වට්ටියක්
වෙන්දේසියක් ...///

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - සුනිල් ආර්. ගමගේ
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ


මේ ගීයේ යාවත් කාලීන කරණ ලද පලකිරීමක්  ඇත. ඊට යොමුව

No comments: