Monday, December 2, 2013

ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්


ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්
හැඬුවේ ඇයිද ප්‍රේමේ නමින්
විමසා නැතිද කිසිදා ඔබත්
කඳුළින් තුරන් වූ ප්‍රේමයක් ...//

සතුටේ උපත කඳුළයි සදා
හද වේදනා දෝතින් ගෙනා ...//
පවනේ සිසිල සුසුමයි සිතේ
පෙම් ප්රාර්ථනා විඳදා ගෙනා

ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්
හැඬුවේ ඇයිද ප්‍රේමේ නමින්
විමසා නැතිද කිසිදා ඔබත්
කඳුළින් තුරන් වූ ප්‍රේමයක්

පිපි මල් මතින් පියමං කළෝ
දිනුවේද කවදා ප්‍රේමයෙන් ...//
විඳි වේදනා සතුටින් දරා
පැරදී ගියේ කවුදෝ එයින්

ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්
හැඬුවේ ඇයිද ප්‍රේමේ නමින්
විමසා නැතිද කිසිදා ඔබත්
කඳුළින් තුරන් වූ ප්‍රේමයක් ...//

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - කුමාරදාස සපුතන්ත්‍රී
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ



ගීය ඇතුළත්වූ ඇල්බම
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනකින් දොරට වැඩියා.
1981 දී "සින්ග්ලංකා"  ලේබලයෙන් නිකුත්වූ "සඳකඩපහණ" කැසට් පටයට ඇතුළත් වුණා.
1992 දී සින්ග්ලංකා "නව රිද්ම ගී සොළොස" සංයුක්ත තැටියට හා කැසට් පටයටත්, 2003 වසරේදී සින්ග්ලංකා "Best of Sunil 2" සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.

No comments: