Monday, December 16, 2013

ගම මහනුවරයි

නිල් කඳු පවුරයි
මහවැලි දිය ගඟුලයි
තෙරුවන් දිනු මා ඉපැදුණු
ගම මහනුවරයි ...//
ගම මහනුවරයි
ගම මහනුවරයි
ගම මහනුවරයි
ඒ ගම මහනුවරයි

දළදා හිමි සිව් දෙවි වැඩ වසනා
රසඳුන් මල් ගොමු බිඟු සර නගනා
සිහිලස දෙන වැව් කොමළිය රඟනා
සරු බිම හැමදා සිරිකත රඳනා
ගම මහනුවරයි
ගම මහනුවරයි
ගම මහනුවරයි
ඒ ගම මහනුවරයි

නිල් කඳු පවුරයි
මහවැලි දිය ගඟුලයි
තෙරුවන් දිනු මා ඉපැදුණු
ගම මහනුවරයි
ගම මහනුවරයි
ගම මහනුවරයි
ගම මහනුවරයි
ඒ ගම මහනුවරයි

පඬිවරු යතිවරු නිරතුරු ගැවසී
සිප් සත දී නිති සරසවි නිවැසී
සදළුතලා මත කිඳුරියො හිනැහෙයි
එහි උපදින්නට පින් කළ යුතුවෙයි
ගම මහනුවරයි
ගම මහනුවරයි
ගම මහනුවරයි
ඒ ගම මහනුවරයි

නිල් කඳු පවුරයි
මහවැලි දිය ගඟුලයි
තෙරුවන් දිනු මා ඉපැදුණු
ගම මහනුවරයි ...//
ගම මහනුවරයි
ගම මහනුවරයි
ගම මහනුවරයි
ඒ ගම මහනුවරයි

ගායනය - චන්ද්‍රකුමාර කඳනාරච්චි
පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව චන්ද්‍රකුමාර කඳනාරච්චි

No comments: