සත් දිනකින් ඔබෙ කටහඬ මට ඇසුණේ නෑ
අගුලු වැටී ඇත මගෙ දෙසවන්
සත් දිනකින් ඔබෙ සොමි රුව මා දුටුවේ නෑ
අන්ධ වෙලා ඇත මගෙ දෙනුවන් ....//
සඳ මෙන් වත් දුර අහසේ පෙනුණත් සෑහේ
ළං වූවත් නූනත් කම් නෑ
ඝන අඳුරක් සේ මා වට නොරැඳී මෙලෙසේ
නොඉඳිනු මැන මිහිරියෙ මතු දා
සත් දිනකින් ඔබෙ කටහඬ මට ඇසුණේ නෑ
අගුලු වැටී ඇත මගෙ දෙසවන්
සත් දිනකින් ඔබෙ සොමි රුව මා දුටුවේ නෑ
අන්ධ වෙලා ඇත මගෙ දෙනුවන්
අප දෙදෙනයි අප දෙදෙනා හඳුනා ගත්තේ
වෙන කාගෙත් නෑ කම් පළ නෑ
එක මොහොතක් මා දෙසවන් අතරේ සිතු සේ
හමුවෙනු මැන බාධක බිඳ දා
සත් දිනකින් ඔබෙ කටහඬ මට ඇසුණේ නෑ
අගුලු වැටී ඇත මගෙ දෙසවන්
සත් දිනකින් ඔබෙ සොමි රුව මා දුටුවේ නෑ
අන්ධ වෙලා ඇත මගෙ දෙනුවන් ...//
අන්ධ වෙලා ඇත මගෙ දෙනුවන් //
ගායනය - චන්ද්‍රකුමාර කඳනාරච්චි
පද - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - චන්ද්‍රකුමාර කඳනාරච්චි
No comments:
Post a Comment