Monday, December 16, 2013

නෙළුම් විලේ

නෙළුම් විලේ කැළුම් පෙරා
පායන දෙව්දුනු ප්‍රභාතයේ
ඔබේ සිනා සිලිල ගලා
එළියයි ලොව සොඳුරේ ....//

උදාවෙන්න යළි උදෑසනින්
හිරු ලෙස කැළුම් දිදී
කඳු යායේ මලක් වෙමින්
මා ළතවෙන යාමේ ....//

නෙළුම් විලේ කැළුම් පෙරා
පායන දෙව්දුනු ප්‍රභාතයේ
ඔබේ සිනා සිලිල ගලා
එළියයි ලොව සොඳුරේ

සඳේ කැළුම් පරාද වෙයි
සඳ වැනි වතින් ඔබේ
අද වාගේ හෙටත් මෙසේ
යළි ඔබ හමුවේවා ...//

යළි ඔබ හමුවේවා ////

ගායනය - චන්ද්‍රකුමාර කඳනාරච්චි
පද - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - චන්ද්‍රකුමාර කඳනාරච්චි

No comments: