ඉඳු දුන්න සේ නැසෙන රැවටිල්ල ලුහුබඳින මායා ...//
රන් තාරකාවෝ
දෙනෙතේ රැඳුනාවේ
මේ සොඳුරු සිහිනේ
කවදා ඉටු වේදෝ ළඳේ
නිම් හිම් නැතේ
සෙනෙහේ ළඳේ
මන්දෝ ළඳේ
සැඟවී ගියේ
පෙම් බැන්ද හින්දා
ඉන් මා දැවුණාවේ
මේ සොඳුරු පියසේ
නොඇසේ මිහිරි ගීයේ
හැඟුමන් මගේ
ඔබ හා බැඳේ
පැවතුම් ඔබේ
නොදනී ළඳේ
පෙම් බැන්ද සිත් බැන්ද නෙත් කැළ්ම රන් සිහින සේයා
ඉඳු දුන්න සේ නැසෙන රැවටිල්ල ලුහුබඳින මායා ...//
ගායනය - චන්ද්රකුමාර කඳනාරච්චි
පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව - චන්ද්රකුමාර කඳනාරච්චි
No comments:
Post a Comment