Monday, December 16, 2013

ඇගෙ සිනහව තහනම්

ඇගෙ සිනහව තහනම්
ගෙදරින් මට තහනම්
සැලවෙයි ගෙදරට ඇය හමුවුණොතින්
චරපුරුෂයෝ දැන් මා වටලා
යන එන හැම තැන් මුර දාලා //

යාබද නිවසේ ඇය ඉන්නේ
එනමුදු ගව්වක දුර වැන්නේ
එනමුදු ගව්වක දුර වැන්නේ
යාබද නිවසේ ඇය ඉන්නේ

පෙළපත කුලගොත වෙනස් වෙලා
නෑදෑ පිරිවර හරස් වෙලා
නෑදෑ පිරිවර හරස් වෙලා
පෙළපත කුලගොත වෙනස් වෙලා

ඇගෙ සිනහව තහනම්
ගෙදරින් මට තහනම්
සැලවෙයි ගෙදරට ඇය හමුවුණොතින්
චරපුරුෂයෝ දැන් මා වටලා
යන එන හැම තැන් මුර දාලා //

ගායනය - චන්ද්‍රකුමාර කඳනාරච්චි
පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව - චන්ද්‍රකුමාර කඳනාරච්චි

No comments: