කවුදෝ කවුදෝ මා සෙවුවේ
මා නම් නැත කිසිවෙකු පැතුවේ
නොගියට ඔය නුපුරුදු දීගේ
සුපුරුදු තනිය හොඳා ...//
විසිතුරු දේදුණු පායනවා
යළි නොපෙනී යනවා ..//
හිනැහෙනවා ළං වෙනවා //
යළි අප වෙන්වෙනවා
කවුදෝ කවුදෝ මා සෙවුවේ
මා නම් නැත කිසිවෙකු පැතුවේ
නොගියට ඔය නුපුරුදු දීගේ
සුපුරුදු තනිය හොඳා
මා කිසිවෙකු හා තරහ නැතේ
කිසි දින හඬා නැතේ ....//
බහ දීලා එක් වීලා //
සැනසුම ලැබෙනු නැතේ
කවුදෝ කවුදෝ මා සෙවුවේ
මා නම් නැත කිසිවෙකු පැතුවේ
නොගියට ඔය නුපුරුදු දීගේ
සුපුරුදු තනිය හොඳා ...//
ගායනය - ඉන්ද්‍රානි පෙරේරා
පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව - සරත් දසනායක
No comments:
Post a Comment