තිළිණේ ලෙසින් පිළිගන්වමි
ඉටි මල් මිටක් මා හැදු
පරවී නොයේ ඒ මල් සැලේ
මගෙ ආදරේ ඒ වගේ //
දුර ඈත සයුරෙන් එහා
පිටවීලා යනවා කියා….//
දැනගත්ත මොහොතේ හඬා
දැකගන්න ආවේ සොයා //
ඔය දෑත දෑතේ තියා
කොඳුරන්න යන්නම් කියා….//
රිදවන්නෙ ඇයි මා මෙසේ
ඔබ නේද මගෙ ජීවිතේ //
තිළිණේ ලෙසින් පිළිගන්වමි
ඉටි මල් මිටක් මා හැදු
පරවී නොයේ ඒ මල් සැලේ
මගෙ ආදරේ ඒ වගේ ////
ගායනය - ඉන්ද්‍රානි පෙරේරා
පද - වර්නන් පෙරේරා
තනුව - මිල්ටන් පීරිස්
No comments:
Post a Comment