Monday, December 16, 2013

වසන්තයේ මල් කැකුළයි


හා... අහහ හා....
ආහා... ආ  ආ.....
හ්ම්... ම්ම්ම් ම්......
හ්ම් ම්... ම්ම්ම් ම්......

වසන්තයේ මල් කැකුළයි
දසන්තයේ නළ රැල්ලයි
මගේ ගෙලේ හර සොල්ලයි
ඔබේ නෙත් කැළුම් ඉල්ලයි
අදත් මගෙ අතින් අල්ලයි .....//

ගලින් ගලට පැන දිදුළන පෙණ කැටි මත්තේ
මලින් මලට ඉගිලෙන සමනල තටු මත්තේ
ලියා එවන්නද කරුණක් මා ඔය පැත්තේ
බලා සිටින්නෙමි තවමත් ඇයි ඔබ නැත්තේ

වසන්තයේ මල් කැකුළයි
දසන්තයේ නළ රැල්ලයි
මගේ ගෙලේ හර සොල්ලයි
ඔබේ නෙත් කැළුම් ඉල්ලයි
අදත් මගෙ අතින් අල්ලයි

ඈත මඟ දිහා බලලා නෙත කකියනවා
හිතේ කාන්සිය හා මට තරහත් එනවා
පාඩමක් උගන්වන්නම් නෑවිදින් ඉඳින්නම්
හෙට ආපුදෙන් මගේ හැටි මම කියාල දෙන්නම්

වසන්තයේ මල් කැකුළයි
දසන්තයේ නළ රැල්ලයි
මගේ ගෙලේ හර සොල්ලයි
ඔබේ නෙත් කැළුම් ඉල්ලයි
අදත් මගෙ අතින් අල්ලයි ....//

ගායනය - ඉන්ද්‍රානි පෙරේරා
පද - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන

සිකුරුලියා  (1975) චිත්‍රපටියෙන්...

No comments: