Monday, December 2, 2013

මගෙ අමල් බිසෝ


මගෙ අමල් බිසෝ දොර හරින්නෙපා
හොඳ පරිස්සමින් ඉඳපන්
මම දීපංකරේ ළතැවුලෙන් මෙසේ
නුඹ මූදුකරේ තනියෙන් ....//

යස ඉසුරු අරන් සුදු මහත්තුරුන්
ඒරොප්පෙ ඉඳන් ඇවිදින්
මුදු බැලුම් හෙළයි, ළංවෙන්න බලයි
නුඹ නොදැක්ක සේ ඉඳපන්

මගෙ අමල් බිසෝ දොර හරින්නෙපා
හොඳ පරිස්සමින් ඉඳපන්
මම දීපංකරේ ළතැවුලෙන් මෙසේ
නුඹ මූදුකරේ තනියෙන්

ඇඳි නේක ඇඳුම් සුදු නෝනවරුන්
ගෙට එබී බලයි හොරැහින්
මගෙ පුංචි එවුන් ටික ළඟට කරන්
නුඹ හෝදිසියෙන් ඉඳපන්

මගෙ අමල් බිසෝ දොර හරින්නෙපා
හොඳ පරිස්සමින් ඉඳපන්
මම දීපංකරේ ළතැවුලෙන් මෙසේ
නුඹ මූදුකරේ තනියෙන් //

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - බණ්ඩාර ඇහැළියගොඩ
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ


මෙම ගීය 1992 දී අමල් බිසෝ කැසට් පටයටත් 2001 දී The best of Sunil 1 සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.

චිත්‍රය ජෝර්ජ් කීට් ශිල්පියාගේ නිර්මාණයකි.

No comments: