Monday, December 2, 2013

මලේ රුවට


මලේ රුවට තරුණ බමරු ඇදෙන්නේ
මලේ මුකුළු බඹර නුවන් නෙළන්නේ
පැතුම් සිනාසේ
නැහැ සිතුම් මුලාවේ
සිනාවී ආවා
මුලාවී ආවා
මලේ රුවට තරුණ බමරු ඇදෙන්නේ

සිත ඒ රුවේ වෙලිලා තියේ
එය ආදරේ හඳුනා නොවේ
සිනාවී ආවා
මුලාවී ආවා

මලේ රුවට තරුණ බමරු ඇදෙන්නේ
මලේ මුකුළු බඹර නුවන් නෙළන්නේ
පැතුම් සිනාසේ
නැහැ සිතුම් මුලාවේ
සිනාවී ආවා
මුලාවී ආවා
මලේ රුවට තරුණ බමරු ඇදෙන්නේ

මදිරා මලේ උතුරා හැළේ
සැමදා ලොවේ නැහැ ඒ රසේ
සිනාවී ආවා
මුලාවී ආවා

මලේ රුවට තරුණ බමරු ඇදෙන්නේ
මලේ මුකුළු බඹර නුවන් නෙළන්නේ
පැතුම් සිනාසේ
නැහැ සිතුම් මුලාවේ
සිනාවී ආවා
මුලාවී ආවා
මලේ රුවට තරුණ බමරු ඇදෙන්නේ

ගායනය - සුනිල් එදිරිසිංහ සමග ටී.එම්. ජයරත්න
පද - කුලරත්න ආරියවංශ
තනුව - ස්ටැන්ලි පීරිස්


1979 වසරේ නිකුත්වූ "TM Vol 2" කැසට් පටයෙනුයි මේ ගීය එළි දැක්වුණේ.

No comments: