Thursday, December 5, 2013

හද පාරණා රුදු වේදනාවන්

හද පාරණා රුදු වේදනාවන්
කුරිරු වූ ලෝකෙන්
නැගෙනා පැයේ නොසැලී හිඳින්නම්
මා සිනා දෑසින් ...//

තනිව නැගෙද්දී පෙරට ඇදෙද්දී
මාවත අවුරණ ලොවක මෙසේ ...//
තනිවූ දෙපයින් ජීවිතයේ
බාධක දිනන්නෙමි

හද පාරණා රුදු වේදනාවන්
කුරිරු වූ ලෝකෙන්
නැගෙනා පැයේ නොසැලී හිඳින්නම්
මා සිනා දෑසින්

පහර වදිද්දී සැවොම රිදුම් දී
 සිත හඬවන ලොවක මෙසේ ....//
තනිවූ දෑසින් යායුතු වූ
මාවත දකින්නෙමි

හද පාරණා රුදු වේදනාවන්
කුරිරු වූ ලෝකෙන්
නැගෙනා පැයේ නොසැලී හිඳින්නම්
මා සිනා දෑසින් ...//

ගායනය - සුනිල් එදිරිසිංහ
පද රචනය - කුලරත්න ආරියවංශ
තනුව - සරත්  අල්විස්


මෙම ගීය දොරට වැඩියේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනකින්. 1981 දී "චන්ද්‍ර මඬල" කැසට් පටයටත්, 2001 දී සින්ග්ලංකා "නෑසෙන ගී රස 2" සංයුක්ත තැටිය හා කැසට් පටයටත්, ඇතුළත් වුණා.

No comments: