Thursday, December 5, 2013

හඬන පණ නල


හඬන පණ නල යදින සැනසුම
දැවී යයි හද චිතකයේ
කඳුළු බිඳුවක සිසිල පමණකි
වියළි කතරට හිමිවුණේ
හඬන පණ නල යදින සැනසුම
දැවී යයි හද චිතකයේ

යොවුන් සිතිවිලි විපිලිසර වී
මහළු ලොව තුල මිය ඇදේ
සයින් පීඩිත හඬන සුරගුරු
යදී සිඟමන් මාවතේ

හඬන පණ නල යදින සැනසුම
දැවී යයි හද චිතකයේ
කඳුළු බිඳුවක සිසිල පමණකි
වියළි කතරට හිමිවුණේ
හඬන පණ නල යදින සැනසුම
දැවී යයි හද චිතකයේ

රකුසු පියසක පිපුණු කුසුමට
මලවි හමුවන පින නැතේ
දෑස නැති විට නුහුරු මං පෙත
සරණ පා යුග පටලැවේ

හඬන පණ නල යදින සැනසුම
දැවී යයි හද චිතකයේ
කඳුළු බිඳුවක සිසිල පමණකි
වියළි කතරට හිමිවුණේ
හඬන පණ නල යදින සැනසුම
දැවී යයි හද චිතකයේ

ගායනය: සුනිල් එදිරිසිංහ
පද රචනය: කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව හා සංගීතය: ලක්ෂ්මන් විජේසේකර
හිමි අහිමි ටෙලි නාට්‍යයෙන්



මෙය 1989 දී නිම් තෙරක් කැසට් පටයටත්. 2001 දී නෑසෙන ගී රස 1 සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.

No comments: