Thursday, December 5, 2013

හිඳීවි කොතැනක හෝ

හිඳීවි කොතැනක හෝ
හිමි කාරයා උපන් නුඹේ නමින්
වඩීවි කෙදිනක හෝ
ඒ එනතුරා හිත හදාගෙන ඉඳින් ...//

ගඟකට සයුරක් මුණ ගැසේවී
රළකට වෙරළක් මඟ හිඳීවී ...//
නියඟට වැස්සක් ඇද හැලේවී
නුඹටත් කෙනෙක් හිඳීවී
දවසක සොයාන ඒවී

හිඳීවි කොතැනක හෝ
හිමි කාරයා උපන් නුඹේ නමින්
වඩීවි කෙදිනක හෝ
ඒ එනතුරා හිත හදාගෙන ඉඳින්

අකුලක පිපෙන නැවුම් මලක් සේ
නදියක නැගෙන තරංගයක් සේ ...//
නළලත සිඹින පවන් රොදක් සේ
නොසිතුව විටෙක ළඟාවී
නුඹ විඳි අඳුර නිවාවී

හිඳීවි කොතැනක හෝ
හිමි කාරයා උපන් නුඹේ නමින්
වඩීවි කෙදිනක හෝ
ඒ එනතුරා හිත හදාගෙන ඉඳින්

ගායනය - සුනිල් එදිරිසිංහ
පද රචනය - කුලරත්න ආරියවංශ
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ


මෙම ගීය 1996 දී රෝස කුසුමක් සංයුක්ත තැටියට හා කැසට් පටයටත් 2003 දී The best of Sunil 2 සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.
2006 වසරේදී සින්ග්ලංකා නිෂ්පාදනයක්වූ පිණිබර මලක්” සංයුක්ත තැටි ත්‍රිත්වයේ දී (කුලරත්න ආරියවංශගේ 30 වසරක ගී) මේ ගීතයත් ඇතුළත් වුණා.

No comments: