Thursday, December 5, 2013

හිසේ ගිනි ඇවිලෙතේ


හිසේ ගිනි ඇවිලෙතේ
පසේ බුදුවරු නැතේ
ඇසේ තෙත ඇත හිතේ
පිසින්නේ කවුරුදෝ ...//

කඳුළු දනව්වේ උල්පතින්
හඬන හැඬුම් ගංගා ගලා
ඒ ඉවුරේ මෙසේ
ඒ ඉවුරේ මෙසේ
ලොවේ අය දිව යතේ

හිසේ ගිනි ඇවිලෙතේ
පසේ බුදුවරු නැතේ
ඇසේ තෙත ඇත හිතේ
පිසින්නේ කවුරුදෝ

යුගෙන් යුගේ අත් වැල් බැඳී
යදම් වැලක් විලසින් ඇදී
නෑ නිවුණේ සදා
නෑ නිවුණේ සදා
මිනිස් කම මෙදියතේ

හිසේ ගිනි ඇවිලෙතේ
පසේ බුදුවරු නැතේ
ඇසේ තෙත ඇත හිතේ
පිසින්නේ කවුරුදෝ ...//

ගායනය - සුනිල් එදිරිසිංහ
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය - ආචාර්ය වික්ටර් රත්නායක
1977 දී තිරගතවූ "ශ්‍රී මධාරා" චිත්‍රපටියේ ගීයකි.


මේ ගීය පසු කලෙක "සුනිල් - මාලිනී යුරෝපයේදී" (1985) කැසට් පටයට ඇතුළත් වුණා.

No comments: