Thursday, December 5, 2013

හදවත ඉල්ලා

හදවත ඉල්ලා නොලැබුන විටදී
දහසක් සිතිවිලි මා හද තුල කැළඹී
මිතුරියෙ ඔබ කෙලෙසක හෝ අමතක කරමී
නොපිරූ පෙරුමන් පුරලා කුමටද ළතැවී

ඔය නෙතු අග රැඳී තිබූ
නිල්මිණි ඡායා
දැක මා හදවත සසැලී
සෙනෙහස කීවා

හදවත ඉල්ලා නොලැබුන විටදී
දහසක් සිතිවිලි මා හද තුල කැළඹී
මිතුරියෙ ඔබ කෙලෙසක හෝ අමතක කරමී
නොපිරූ පෙරුමන් පුරලා කුමටද ළතැවී

මතු අප උපදින භවයේ
යළි හමුවේවා
ඔය නෙතු අග සිහිල දැනී
මට ළංවේවා

හදවත ඉල්ලා නොලැබුන විටදී
දහසක් සිතිවිලි මා හද තුල කැළඹී
මිතුරියෙ ඔබ කෙලෙසක හෝ අමතක කරමී
නොපිරූ පෙරුමන් පුරලා කුමටද ළතැවී

ගායනය - ප්‍රියා සූරියසේන
පද රචනය - වර්නන් පෙරේරා
තනුව හා සංගීතය - ස්ටැන්ලි පීරිස්

No comments: