Thursday, December 5, 2013

සඳ තාරකා හඬාවී

සඳ තාරකා හඬාවී
කඳු මීදුමෙන් එහා
ඔබ හා ගෙවූ අතීතේ
මතකේ ලියා තියා
මතකේ ලියා තියා

සිත පාවෙලා ගියාවේ
නටබුන් සොයා අනාතේ
අනුරාග මල් හිනාවන්
පෙරසේ මුවේ නොවේ

සඳ තාරකා හඬාවී
කඳු මීදුමෙන් එහා
ඔබ හා ගෙවූ අතීතේ
මතකේ ලියා තියා
මතකේ ලියා තියා

අඩ නීල රෑ වලාවේ
හෙට පායලා උදාවේ
කවදාක හෝ විඳින්නේ
මතු ඒ අමා සුවේ

සඳ තාරකා හඬාවී
කඳු මීදුමෙන් එහා
ඔබ හා ගෙවූ අතීතේ
මතකේ ලියා තියා
මතකේ ලියා තියා

ආ............ ආ ආඅ ආ...
ආ ආ ආ...... ආ ආ ආ.......

ගායනය: ප්‍රියා සූරියසේන
පද රචනය: උපාලි ධනවලවිතාන
තනුව හා සංගීතය: ස්ටැන්ලි පීරිස්

No comments: