Thursday, December 5, 2013

මගේ ළමැද සුව යහනක්

මගේ ළමැද සුව යහනක්
ඔබට තනා දෙන්න කියා
භවෙන් භවේ පෙරුම් පුරා බලා ඉන්නවා
ඒ යහනේ ඔබ සතපා
බිඟු ගී වැල් මුමුණනවා
සොඳුරු ලොවක අප දෙදෙනා
හෙට තනි වෙනවා

සිහින ගෙනෙන කුමාරියේ
ඇගේ ලොවට එන්න එපා
ඇය රවටා කැඳවාගෙන
නොයන් කුමරියේ

අපට උරුම අපේ ලොවේ
හද සොම්නස් කිරුළ දරා
මගේ ඟින් සසර පුරා
ඉන්න වාසනා

මගේ ළමැද සුව යහනක්
ඔබට තනා දෙනන් කියා
භවෙන් භවේ පෙරුම් පුරා බලා ඉන්නවා
ඒ යහනේ ඔබ සතපා
බිඟු ගී වැල් මුමුණනවා
සොඳුරු ලොවක අප දෙදෙනා
හෙට තනි වෙනවා

ගායනය: ප්‍රියා සූරියසේන
පද රචනය: ඩොනල්ඩ් අයිවන්
තනුව හා සංගීතය: ස්ටැන්ලි පීරිස්

No comments: