ඇසුරින් මිදීලා ඔබගේ ලොවෙහී
සැඟවී හිඳිම් මා වෙන් වී මෙසේ
නොමැකී තියේනම් ඔබගේ සිතේහී
මගෙ ආදරේ
මා යළි
එන තුරා
රැකවල් සදාලා
සීමා මවාලා
වෙන් වේවිදෝ ආදරේ
දෙසිතේ කතා වී
දළු ලා වැඩී යාවී
රහසේම ඒ ආදරේ
කඳුළැල් නිවාලා
දෑසින් සිනාසී
සැඟවී යමී මේ ලෙසේ
කවදාක හෝ මා
එනතුරු ඔබේ දෑසේ
සඟවා තබා ආදරේ
ඇසුරින් මිදීලා ඔබගේ ලොවෙහී
සැඟවී හිඳිම් මා වෙන් වී මෙසේ
නොමැකී තියේනම් ඔබගේ සිතේහී
මගෙ ආදරේ
මා යළි
එන තුරා
ගායනය: ප්‍රියා සූරියසේන
පද රචනය: කුලරත්න ආරියවංශ
තනුව හා සංගීතය: ස්ටැන්ලි පීරිස්
No comments:
Post a Comment