Thursday, December 5, 2013

වසන්තියේ

සුදු වත කමලේ
වතු සුදු මල් පෙති
උපමාවන් සසැඳේ
නෙත් සර බිඟු පැටලේ
වසන්තියේ
වසන්තියේ

කිරි සඳ දියරෙන් තරු පෙළ නැහැවී
ඔබේ හිනා මල් පිපෙන පැයේ
නෙත ගැටෙනා විට සවනට ඇසුණා
හද ගැහෙනා රාවේ

සුදු වත කමලේ
වතු සුදු මල් පෙති
උපමාවන් සසැඳේ
නෙත් සර බිඟු පැටලේ
වසන්තියේ
වසන්තියේ

අතිනත බැඳුණත් හදවත හඳුනා
ඇස රැඳුනේ ඔබ බාල වියේ
අද ඈ කොතැනද ඒ රුව නොමැකේ
පෙම් හසරැළි පවුරේ

සුදු වත කමලේ
වතු සුදු මල් පෙති
උපමාවන් සසැඳේ
නෙත් සර බිඟු පැටලේ
වසන්තියේ
වසන්තියේ

ගායනය: ප්‍රියා සූරියසේන
පද රචනය: උපාලි ධනවලවිතාන
තනුව හා සංගීතය: සරත් දසනායක

No comments: