Monday, March 16, 2015

මිණි මිණි පොදේ

මිණි මිණි පොදේ ළා අඳුරේ
තෙමි තෙමි ගියදා
ඉඳහිට අදත් සිහිවෙනවා
සිරි පොද දැකලා ...//

ආසිරි මල් වරුසාවේ
නැහැ අපි තෙමුණේ
වැහි සිරි බලන්නට ඔබ නෑ
අද කුඩ සෙවනේ ...//

මිණි මිණි පොදේ ළා අඳුරේ
තෙමි තෙමි ගියදා
ඉඳහිට අදත් සිහිවෙනවා
සිරි පොද දැකලා

මා හෙලු කඳුළැලි පුරවා
වැහි කළු ඒවී
ඔබෙ පාමුල මුතු වරුසා
විසිරී යාවී ...//

මිණි මිණි පොදේ ළා අඳුරේ
තෙමි තෙමි ගියදා
ඉඳහිට අදත් සිහිවෙනවා
සිරි පොද දැකලා ..//

ගායනය - නිරංජලා සරෝජිනී
පද රචනය - ලූෂන් බුලත්සිංහල
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක

No comments: