Monday, March 16, 2015

කෙදිනද කූඩු හදන්නට එන්නේ

කෙදිනද කූඩු හදන්නට එන්නේ
කෙදිනද කූඩුවෙලා අප ඉන්නේ
සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
කවදා තනිවන්නේ

බිඳුණු සෙනේ දළු ලියලාලා
දිවි වනපෙත ඒකාලෝක කෙරේ
මා ප්‍රිය හිමි ඔබ එයි විඩාවෙන්
දුර එනතුරු දොරකඩ රැක ඉන්නට
සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
කවදා තනිවන්නේ

දෙපය දොවා පිණි දිය දෝරේ ගිය
බිරිඳක වූ දා නේද අගේ
මා හිස සිඹ දොඩනා කතන්දර
රස මසවුලු සුව‍ඳෙහි තුඩ තබනට
සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
කවදා තනිවන්නේ

කෙදිනද කූඩු හදන්නට එන්නේ
කෙදිනද කූඩු වෙලා අප ඉන්නේ
සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
කවදා තනිවන්නේ

සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
කවදා තනිවන්නේ ...//

ගායනය - නිරංජලා සරෝජිනී
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - ස්ටැන්ලි පීරිස්

No comments: