Sunday, March 29, 2015

සඳුද අවදියෙන්


සඳුද අවදියෙන්
තරුද අවදියෙන්
මේ නිශාන්තයේ
ඔබ ළඟ නැති තව දිනක් ගෙවී යයි
තනිවුණ වසන්තයේ ...//

සීතල ඇතිරුනි මිහිලිය ළය මත
කොඳ කෙමි පිපුරුණි මධු පුරවා
උණුසුම දිසුණේ නෑ නෙත මානෙක
ඔබ ළඟ නැතිවම
අද මා තනිවම

සඳුද අවදියෙන්
තරුද අවදියෙන්
මේ නිශාන්තයේ
ඔබ ළඟ නැති තව දිනක් ගෙවී යයි
තනිවුණ වසන්තයේ

පහන් නොදැල්විණි ඔබෙ පැල්පත තුළ
නිදිමත අඩ නෙතුපිය සනහා
මගේම කඳුළක් වී පිණිබිඳු ලෙස
ඔබෙ කවුළුව ළඟ
පිපි මල් පෙති මත

සඳුද අවදියෙන්
තරුද අවදියෙන්
මේ නිශාන්තයේ
ඔබ ළඟ නැති තව දිනක් ගෙවී යයි
තනිවුණ වසන්තයේ ...//

ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - ප්‍රියානන්ද විජේසුන්දර
තනුව - අමරසිරි පීරිස්


Sanduda Avadiyen - Amarasiri Peiris

No comments: