Sunday, March 29, 2015

වහින්න මුතු වැස්සක්


විසිරුණු තරු පත් සිඳුණා
හිම පිණි පවනක් සැලුණා
දිගැසියේ යම්තම් සිත මගෙ කිතිකැවුණා
ගිණි නිල්ලේ සිත්තම්වන පෙම් ඉඟි ලැබුණා


සිතුවිලි කළඹක් වෙමිනා
හද මුදු හැඟුමන් දෙමිනා
සැනසුමේ ඉන්නම් ළය මත හිත සතපා
නෙතු දැල්වී ඇත්නම් මගෙ ළඟ නුඹ සැමදා


වහින්න මුතු වැස්සක්
වහින්න මුතු වැස්සක්
සිත පහන්ව ඉන්නේ පැතුම් ළංවෙලා සඟවා

වහින්න මුතු වැස්සක්
වහින්න මුතු වැස්සක්
හද වහන්ව ඉන්නේ සිතුම් ඉටුවෙලා නොදොඩා


හා හා හා... හා ආ ආ ආ... අඅ ආ...
 

නෙතු කොණේ කඳුළු පෙඟුවේ නැත මා
පැතු ලෙසේ සුවඳ රැඳුණේ සදා
හද ගැබේ නුඹට ඉඩ නැත්තේ දසන්තේ
නුඹ මගේ සොඳුරු මතකේ රැඳුණා


රුව මැවේ දුරක ක්ෂිතිජේ ඉම හා
දුක හිතේ නුඹව නොලැබේ කියා
හිත මගේ නුඹට පුද දුන් ඒ වසන්තේ
සඳ රැයේ හැඟුම පවනේ සැලුණා


වහින්න මුතු වැස්සක්
වහින්න මුතු වැස්සක්
සිත පහන්ව ඉන්නේ පැතුම් ළංවෙලා සඟවා

වහින්න මුතු වැස්සක්
වහින්න මුතු වැස්සක්
හද වහන්ව ඉන්නේ සිතුම් ඉටුවෙලා නොදොඩා


ගායනය - අමරසිරි පීරිස් සහ සමිතා මුදුන්කොටුව
පද රචනය - ෂෙහාන් ගලහිටියාව
තනුව හා සංගීතය - රංග 
සනායක

'වහින්න මුතු වැස්සක්' ටෙලි නාට්‍යයෙන්


Wahinna Muthu Wessak - Amarasiri Peiris& Samitha Mudunkotuwa

No comments: