Sunday, March 29, 2015

සඳ රේඛාවෙන් බසින ලියේ

සඳ රේඛාවෙන් බසින ලියේ
නූපුර නොසලා වඩින ලියේ
තරු ඕවිල්ලේ
පුතු නිදිගන්වා
විජයිඳු පායට වඩින ලියේ
සඳ රේඛාවෙන් බසින ලියේ

බුදුගුණ ලකරින් මංගල සුතුරින්
පිරුවානා කවි සිලෝ කියා
ආශිර්වාදය කළ මැන පුතු හට
සරසවි දැහැණින් තිලක තියා

සඳ රේඛාවෙන් බසින ලියේ
නූපුර නොසලා වඩින ලියේ
තරු ඕවිල්ලේ
පුතු නිදිගන්වා
විජයිඳු පායට වඩින ලියේ
සඳ රේඛාවෙන් බසින ලියේ

සුදම් සභාවේ මුල් පෙළ හිඳිනා
හෙළ විරුවන්ගේ කතා කියා
දෑ අභිමානය දෙනු මැන පුතු හට
සඳකඩ පහනේ සිරස තියා

සඳ රේඛාවෙන් බසින ලියේ
නූපුර නොසලා වඩින ලියේ
තරු ඕවිල්ලේ
පුතු නිදිගන්වා
විජයිඳු පායට වඩින ලියේ
සඳ රේඛාවෙන් බසින ලියේ

ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - හේමසිරි ගුණතුංග
තනුව හා සංගීතය - අමරසිරි පීරිස්


Sanda Rekhawen Basina Liye - Amarasiri Peiris

No comments: