අශෝක මල් වනයේ
රනේ රුවට රූ සපුව දිලෙන මුත්
මා චණ්ඩාලියකී
මා චණ්ඩාලියකී ...//
නොලැබෙන ලොවකට හඬා ඵලක් නෑ
එපා රජුණි මට රාජ සුවේ...//
තල් අතු මැදුරයි
මේ වන අරණයි
අපට අගේ අපෙ හීන කුලේ
අශෝකමාලා මමයි ස්වාමිනී
අශෝක මල් වනයේ
රනේ රුවට රූ සපුව දිලෙන මුත්
මා චණ්ඩාලියකී
මා චණ්ඩාලියකී
රජකුල පෙළපත එයින් කමක් නෑ
එන්න එපා අතු පැලට මඟේ ..//
ඈතින් දිලෙනා සඳට වඩා මට
ළඟ ඉන්නා ඝණඳුරයි අගේ
අශෝකමාලා මමයි ස්වාමිනී
අශෝක මල් වනයේ
රනේ රුවට රූ සපුව දිලෙන මුත්
මා චණ්ඩාලියකී
මා චණ්ඩාලියකී ...//
ගායනය - චන්ද්‍රලේඛා පෙරේරා
පද රචනය - උපාලි ධනවලවිතාන
තනුව - මර්වින් පෙරේරා
(චිත්‍රය සිත්රූ ක්‍රියේශන්ස් වෙතිනි.)
නව සංගීත සංයෝජනයට ගැයුණු ගීයක්
No comments:
Post a Comment