සුන් වූ
පැතුම් දළු ලා වැඩේවා
ළං වූ
ලවන් හමු වී තිබේවා
වෙන් වූ
නුවන් කඳුළින් මිදේවා
විරහී
හඳින් ගලන දුක් වේදනාවන්
සිහිලැල්
පවන් රැල්ලකින් සංසිඳේවා
නොබිඳී
නිර්මල ප්‍රාර්ථනාවන්
පෙම්වත්
ලොවක් අරුණු අහසේ දිසේවා
දැල්වූ
පහන් දැල්වී තිබේවා
සුන් වූ
පැතුම් දළු ලා වැඩේවා
ළං වූ
ලවන් හමු වී තිබේවා
වෙන් වූ
නුවන් කඳුළින් මිදේවා
ගායනය -
චන්ද්‍රලේඛා පෙරේරා සහ ලක්ෂ්මන් විජේසේකර
පද රචනය
- මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව -
ආචාර්ය රෝහණ වීරසිංහ
රේඛා
ටෙලි නාට්‍යයෙන් (1984)
No comments:
Post a Comment