මේ සැනසුම් මේ පැවතුම්
මේ ඉවසුම් මේ විමසුම්
හැමදාම පවතීවා
හැමදාම පවතීවා ...//
මල විල මත්තේ
බඹරා කැලයේ
මුසුවෙයි රහසේ
වෙන් වෙයි සුවසේ
කිසි දාක නැහැ ඉන් එහා ගියේ
එක ළඟ හැමදා හිඳිමු කියා
මේ සැනසුම් මේ පැවතුම්
මේ ඉවසුම් මේ විමසුම්
හැමදාම පවතීවා
හැමදාම පවතීවා
රිසි ලෙස රිසි සේ
පැතු පැතු මොහොතේ
පෙම් රස පහසේ
සංහිඳ රහසේ
නැවතීල ඉමු ඉන් එහා නොයා
මෙලෙසම දෙදෙනා දිවිය පුරා
මේ සැනසුම් මේ පැවතුම්
මේ ඉවසුම් මේ විමසුම්
හැමදාම පවතීවා
හැමදාම පවතීවා ...//
ගායනය - නිරංජලා සරෝජිනී
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක
No comments:
Post a Comment