Sunday, March 15, 2015

සක්විති රජෙකුට

සක්විති රජෙකුට අත් දෙක දෙන්නයි
මවුපියො මා හැදුවේ
වික්මැති පෙම්වත සිත් තුල ඒ බැව්
රඳවා ගත යුතු වේ ...//

ඝණ රන් තලියක
දිව භෝජන රස
නැතුවට කමක් නැතී ...//
සෙ‍නෙහස උතුරන
හෙවනක ගත කොට
මට ලුණු මිරිස ඇතී

සක්විති රජෙකුට අත් දෙක දෙන්නයි
මවුපියො මා හැදුවේ
වික්මැති පෙම්වත සිත් තුල ඒ බැව්
රඳවා ගත යුතු වේ

සරණය නම් ඒ
සිදුවීමක් නොව
දෙදෙනෙකු එක්ව බැඳි ...//
මරණය දක්වා නොබිඳී මග දිග
යන ගමනක්ය අපි

සක්විති රජෙකුට අත් දෙක දෙන්නයි
මවුපියො මා හැදුවේ
වික්මැති පෙම්වත සිත් තුල ඒ බැව්
රඳවා ගත යුතු වේ ...//

ගායනය - නිරංජලා සරෝජිනී
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

No comments: