Wednesday, March 25, 2015

පාට පාට රන් තටු සලලා

පාට පාට රන් තටු සලලා
මලින් මලට ඉගිලී යනවෝ
ටිකකට නැවතී පැණි බීලා
නැවත තටු සලා ඉගිලෙනවෝ ...//

ඈත එපිට අහසේ කොණකින්
බොහෝ දුරක් ඉගිලී එනවෝ ..//
ගං හෝ වැව් බිම් පසු කරලා
කොහෙදෝ සිට කොහෙදෝ යනවෝ //

පාට පාට රන් තටු සලලා
මලින් මලට ඉගිලී යනවෝ
ටිකකට නැවතී පැණි බීලා
නැවත තටු සලා ඉගිලෙනවෝ

දහස් ගණන් රංචුව හැදිලා
රහස් ගොඩක් තටුවල සඟවා ..//
ගං හෝ වැව් බිම් පසු කරලා
කොහෙදෝ සිට කොහෙදෝ යනවෝ //

පාට පාට රන් තටු සලලා
මලින් මලට ඉගිලී යනවෝ
ටිකකට නැවතී පැණි බීලා
නැවත තටු සලා ඉගිලෙනවෝ ...//

ගායනය - ගෝල්ඩන් චයිම්ස් (ක්ලැරන්ස් විජේවර්ධන)
පද රචනය - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව හා සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන
ගෝල්ඩන් චයිම්ස් නිකුත් කළ The Dynamic New Sound of the Golden Chimes තැටියට ඇතුළත් වූ ගීයකි. (1971 EP Sooriya / CHB 014)

No comments: