Monday, March 30, 2015

මගේ පුතේ උඹට


මගේ පුතේ උඹට
මං කොහොමට දොසක් කියන්නද
උඹ උඹේ ලොවේ කිරුළු පැළැන්දට
වෙන බසක් දෙඩූවට
රතු තිලක තියූවට
මං අමනාප වුනත්
ඇගෙ තරමට ආදරයක් කොහෙන් ලබන්නද

පිච්ච මල් රටා හිස ලන
පිච්ච මල් හිනා පළඳින
ඇය ඇවිත් නුඹේ සෙවණැල්ලේ සෙවණ ලබන විට
ඒ උණුසුමෙ ජාති ජම්ම ලියා තියෙනවද

මගේ පුතේ උඹට
මං කොහොමට දොසක් කියන්නද
උඹ උඹේ ලොවේ කිරුළු පැළැන්දට
වෙන බසක් දෙඩූවට
රතු තිලක තියූවට
මං අමනාප වුනත්
ඇගෙ තරමට ආදරයක් කොහෙන් ලබන්නද

පුංචි කැදැල්ලේ සිරිකත
උන්නෙ නෑ ඇවිත් කුලගෙට
උඹගෙ කියූ කිරි කැටයෙක් හිනා ගෙනෙන විට
ඒ සිනහවෙ ජාති ජම්ම ලියා තියෙනවද

මගේ පුතේ උඹට
මං කොහොමට දොසක් කියන්නද
උඹ උඹේ ලොවේ කිරුළු පැළැන්දට
වෙන බසක් දෙඩූවට
රතු තිලක තියූවට
මං අමනාප වුනත්
ඇගෙ තරමට ආදරයක් කොහෙන් ලබන්නද

ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - නිලාර් එන්. කාසිම්
තනුව - කළණි පෙරේරා


Mage Puthe Umbata - Amarasiri Peiris

No comments: